Monday, November 5, 2012

සෙල්ලක්කාර සමනළයා..:D



අතගිලි පටලැවි
ඇති බව
අමතක කර....
තව තවත්,
සමනලියො සොයයි..,
කරකවා දෑස
සෙල්ලක්කාර සමනලයෙක්....

Thursday, September 27, 2012

එදා..නුඹ ආදරෙයි කි මුල්ම දවසේ.....

හිමි නොවෙන්න තිබුනා 
සදාකාලික දුක....
ඇස් අද්දරම විසිර නොයන්න තිබුනා 
පැතු පැතුම....
බැද ගෙන තබා ගන්න හැකි උනා නම් 
නුඹේ ආදරය‍..................
නුඹ ආදරෙයි කී මුල්ම දවසෙම....

Thursday, September 6, 2012

ඔයාටත් ඉන්නෙ මේ වගේ යාළුවෙක්ද..? එහෙනම් ඔයත් වාසනාවන්තයි..



අපි අඬද්දි අපිත් එක්ක ලගින් ඉදගෙන හේතු අහන්නෙ නැතුව අඬන්න, අපි හිනා වෙද්දි අපිත් එක්ක ඇස් රතු වෙනකන් හිනා වෙන්න..අපිට කරදරයක් උනාම කියන්නත් කලින් අපි ලඟට එන්න, අපි කියන්න කලින් අපි කියන්න යන දේ අපේ හැඟිම් තේරෙන යාළුවෙක් යෙහෙලියක් අපිට ඉන්නවා නම් කොච්චර හොඳද නේද...?
එහෙම අය අපිට ලැබෙන්නෙත් අපේ වාසනාවකට..තමන්ගේ දුක කියා ගන්න කෙනෙක් නැතිව..කරදරයන් උනාම පිහිට වෙන්න කෙනෙක් නැති උනාම අසරන වෙන අය අපි අතරෙ කොච්චර ඉන්නවද..
ඒ අතින් මන් වාසනාවන්තයි..මට ඉන්නවා හොඳ යෙහෙලියක්..ඇය යෙහෙලියකට වඩා මගේ අම්මගේ බඩින් ආව මගෙම සහෝදරියක් වගේ..
එක බඩින් ආව සහෝදර සහෝදරියන් ඇන කොටා ගන්න අද වගේ කාලෙක ඇය ඇත්තටම  උතුම් සහෝදරියක්...ඇයව මට මුණ ගැහෙන්නේ 2009 අවුරුද්දේ..ඒ මූණූ පොතෙන්..මුලින් ම ඇය මට මැසේජ් එකක් දාලා තිබුනා එයාව දන්නවද කියලා..ෆොටෝ එක දැක්කම යන්තම් හුරු පුරුදු ගතියක් තිබුනත් මට හරියටම අඳුරගන්න බැරි උනා කවුද කියලා..ඒත් එයා මාව අඳුරගෙන තිබුනා..ඉතින් මන් කිවුවා මට හරියට මතක නෑ කියලා..පස්සෙ එයාම මතක් කරලා දුන්නා..
අපි සා/පෙල කරේ 2005..2004 අවුරුද්දේ අපි ගිණුම්කරනය විශයට අමතර පංතියකට ගියා..ඒ පංතියට තමයි ඇයත් ආවේ..අපි දෙන්නා පාසැල් දෙකක..ඒ උනත් අමතර පංති වලට ගියාම වෙන වෙන පාසැල් වල අයත් එක්ක යාළු වෙනවනෙ..ඒ උනත් එයා එක්ක මගේ එච්චරම යාළු ෆිට් එකක් තිබුනෙ නෑ..ඒ උනත් දැක්කම හිනා වෙනවා.ඉතින් ඔහොම කාලේ ගෙවිගෙන ගියා.2005 අවුරුද්දෙ සා/පෙල කරාට පස්සේ මන් උ/පෙලට තෝර ගත්තේ වාණිජ විශයන් එයා තෝරගෙන තිබුනේ කලා විශයන්..ඒ නිසා අපි එච්චර මුණ ගැසුනේ නෑ..මන් හිතන්නෙ මුණ ගැසුනෙම නැති තරම්...
ඔහොම කාලයක් ඉද්දි මන් ඉතාලියට ආවා..පස්සෙ තමයි මන් මූණු පොතක් හදා ගත්තේ..ඒකට තමයි එයා මුලින්ම මැසේජ් එක එවුවේ.පස්සේ නොහිතපු විදියට අපි අතරේ යාළු කමක් ඇති වුනා..ඒක හරි පුදුම යාළු කමක්..මන් හැමදාම උදේට ඔන්ලයින් යද්දි මට ගුඩ් මෝර්නින් මැසේජ් එකක් තියෙනවා..මන් ඔන්ලයින් ඉන්නවා දැක්කම හැමදාම චැට් කරනවා.මට ඔන් ලයින් යන්න බැරි උනාම මගේ ෆෝන් එකට මැසේජ් එකක් දෙනවා නැත්නම් කෝල් එකක් දෙනවා.ඔහොම කාලේ ගෙවිගෙන ගියා.අපේ යාළුකමත් එන්න එන්නම වැඩි උනා.මට මොනා හරි ප්‍රශ්නයක් උනාම එයාට තමයි මම සේරම කිවුවේ.එයා මන් කියන හැමදේම අහන් ඉන්නවා.මට මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා මට උපදෙස් දෙනවා..ඇත්තටම ඒ වගේ යෙහෙලියක් ලැබෙන්න මන් වාසනාවන්තයි..

අද කාලේ ගොඩක් අය ඉන්නෙ වාසියක් ලැබෙනකන් විතරයි.ඒ අතින් ඇය ගොඩක් වටින යෙහෙලියක්..සමහර වෙලාවට මන් එයාට බනිනවා.ඒ කොච්චර බැන්නත් හිනා වෙලා ඒවා අහගෙන ඉන්නවා...ඕනම කෙනෙක්ට දුකේදි පිහිට වෙනවා.නෑ බෑ නොකියා..ඇත්තටම පුදුම කෙනෙක් එයා..කන්න තියෙන බත් පිඟාන බඩගින්නෙ ඉන්න කෙනෙක්ට දිලා එයා බඩගින්නෙ ඉන්නවා..එයා මට කරලා තියන උදව් බොහොමයි..ඒවලට මන් එයාට සදා ණයගැතියි.ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්..බොලඳ විදියට ජිවිතේ ගැන ආදරේ ගැන හිතන්නෙ නෑ..මට උනත් ඒ දේවල් එයා කියලා දෙනවා..
සල්ලි වලට ජිවිතය පාවා දෙන සමාජයක ජිවත් වෙන අපිට ඒ වගේ මිතුරු ඇසුරක් ලැබෙන්නෙ ඇත්තටම අපේ පෙර පිනකට..මගේ මිතුරියගේ ජිවිතේට කිසිම දුකක් නැතිව සතුටින් ජිවත් වෙන්න වරම් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...





Saturday, August 18, 2012

අනේ අපොයි..මෙහෙමත් හොරු....o.O

ඒ 2008 අවුරුද්දයි..එතකොට මට උසස් පෙලට මාස ගානනක් තිබුනේ..ඉතින් ඒ වෙද්දි මගේ අම්මයි තාත්තායි රට උන්නේ..අයියාත් බැඳලා වෙනමම පදිංචි වෙලා උන්නෙ..මම උන්නෙ මම්මයි පප්පයි එක්ක..මාත් එක්ක තව තුන් දෙනෙක් උන්නා..ඒ මගේ මාමාගේ ලමයි තුන්දෙනා..මල්ලිලා දෙන්නයි නංගියි..අපි ඔක්කොම උන්නෙ මාමලගෙ ගෙදර..එහෙ ඉන්න හේතුවක් උනේ අපේ ගෙදරට වඩා මාමාලගෙ ගෙදර තිබුනෙ පාර අයිනට වෙන්න..ඉතින් අපිට ඉස්කෝලෙ යන්න පංති යන්න හැමදේටම ලේසි නිසා අපි හැමෝම එහෙ උන්නෙ..මාව වගේම ඒ මල්ලිලා දෙන්නවයි නංගිවයි බලා ගත්තෙත් මම්මයි පප්පයි..

දවසක් මට මතක විදියට එදා සෙනසුරාදාවක්..මට මතකයි ඒ කාලේ හැම සෙනසුරාදා දිනයකම රෑට හින්දි මූවි එකක් යනවා..ඉතින් මායි නංගියි මල්ලිලා දෙන්නයි ඕක බලනවා..මම්මලා ඒ වෙද්දි නිදි..ඉතින් අපිට ගාණක් නෑ හිනා වෙන සීන් එකක් යද්දි කෑ ගහලා හිනා වෙනවා..ඉතින් ඔය ෆිල්ම් එක ඉවර වෙද්දි රෑ 12 විතර වෙනවනෙ..ඉතින් ෆිල්ම් එකත් ඉවර වෙලා කට්ටිය මල්ලිලා දෙන්න මල්ලිලාගෙ කාමරේටත් මායි නංගියි අපේ කාමරේටත් ගියා නිදා ගන්න...මුළු ගෙදරම ලයිට් ඕෆ් කරත් අපේ කාමරෙ ඕෆ් කරන්නෙ නෑ..මොකද මන් බයයි..මට වඩා නංගි බයයි...:D

ඉතින් පහුවදා උදේට පල්ලි යන්න නැඟිටින්න ෆෝන් එකෙන් එලාර්ම් එක තියලා ඒක කොට්ටෙ යටින් තියා ගෙන..නිදා ගත්තා..නංගි නම් ඇඳට වැටුන ගමන් ගොරවන්න ගන්නවා..ඉතින් ටිකකින් මටත් නින්ද ගියා.....

ඊට පැය තුන හතරකට පසු......

රෑ නින්දෙන්.......
කෑ ගහන්න එපා අපි මුළු ගේම වට කරලා තියෙන්නෙ කෑ ගැහැවුවොත් කට්ටියවම මරනවා.....තව මොනවද මොනවද කිවුවා...
ඔයාලා කවුද..?.. ඒ මන් 
අල්මාරියෙ යතුර කෝ...
දැන් නම් මන් පියවි සිහියට ආවා......




හපොයි මොන හීනයක්ද...මෙන්න අපේ ගෙරදට හොරු පැනලා.. o.O ඒ මදිවට අපි ලයිට් දාලා තියන කාමරෙ ලයිට් එකත් ඕෆ් කරලා.....ඒ මදිවට මේකා මගෙ කටත් තද කරගෙන...ඒකාගෙ අතේ ටෝච් එකකුත් තිබුනා...පිහියක් නම් තිබුනද මන්දා...

අනේ අයියෙ අපි ලඟ රත්තරං බඩු නෑ..(මන් දුක හිතෙන විදියට කථා කලා...)

බොරු කියන්න එපා දියන් යතුර...

ඇත්තමයි මගෙ ලග නෑ....

ඔන්න ඒ ටිකකින්ම මගෙ එලාර්ම් එක වැදුනා...ඒ වෙලෙ හොරා ටිකක් කලබල උනා...

ෆෝන එක නේද..

නෑ නෑ එලාර්ම් ඔරලෝසුව...(අම්බෝ තාත්තට වැදලා වැදලා ඉල්ල ගත්ත ෆෝන් එක මේ කොහේවත් ඉන්න හොරෙකුට දෙන්න පුළුවන්ද...)

ඒත් එක්කම හොරා එන පොට නම් හොඳ නෑ වගේ කියලා මට තේරුනා..

මන් කෑ ගැහුවා...කෑ ගැහුවා නෙමෙයි මට කෑ ගැහුනා...හිහි අපේ නංගි මට එහා පැත්තෙ..එයා නැඟිටලා මගෙ කෑ ගැහිල්ලට වඩා තුන් ගුනයක් විතර හයියෙන් කෑ ගැහුවා...ඒත් එක්කම අපේ මම්මත් නැඟිටලා එන්න හදද්දි ෆෑන් එකේ වයර් එක පැටලිලා එයාව වැටිලා...නංගිගෙ කෑ ගැහිල්ලට හොරා අතේ තිබුන ටෝච් එකත් දාලා පැනලා දිවුවා..මන් අන්ධකාරේම ඒ ටෝච් එක අරන් හොරා දුවන් යන පැත්තට දමලා ගැහුවා..ගහලා හොරා දුවන පස්සෙ දිවුවා..ශික් මොන අල්ලනවද මේකා අඩියට දෙකට දුවලා ජනේලෙන් පැනලා ගියා...හැබැයි ටෝච් පාර වැදුන නම් හොරා එතැනම මැරෙනවා..(වෙලාවට වැදුනෙ නැත්තේ)


හයියෝ ඊට පස්සෙ තමයි හොඳම සීන් එක...අපේ අයියලත් ආවා...ලොකු මාමාලගෙ දුවලත් ආවා..මන් නම් බයට හෝ ගාලා අඩනවා..ජිවිතේට ඒ වගේ දෙයක් උනා මයි නේ...අපි ගේ හැමතැනම බැලුවා මොනවද අඩු කියලා..හි හි හොරා අරන් තියෙන්නෙ මම්මා ලඟ තිබුන ටෝච් එකමයි..අපේ අල්මාරි ඇරලා මගේ රත්තරන් චූටි කරාබු ජෝඩුවයි මල්ලිගෙ අතේ බඳින ඔරලෝසුවයි,මල්ලිගේ පර්ස් එකෙ තිබුන රුපියල් 400 වගෙ ගානකුයි...හොරා ඇවිත් තිබුනෙ වහලේ උළු දෙක තුනක් ගලවලා..ඊට පස්සෙ ඌට දුවන්න බලාගෙන ජනෙල් පියනකුත් ඇරලා....

අපේ අයියා ලොකු මල්ලිගෙන් ඇහුවා මෙහෙම....
ආහ් මල්ලි..,නංගි කෑ ගහද්දිවත් ඔයාට ඇහැරුනෙ නැද්ද...

මොකෝ නැත්තෙ ලොකු අයියේ..මට ඇහැරුනා..මන් හිතුවෙ නිෂ් අක්කට යකෙක් වැහිලා නංගි ඒකට බය වෙලා කෑ ගහනවා කියලා..ඕන දෙයක් කියලා මන් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...(හික් හික් ඕන් අපේ මල්ලිලා...)

හැබැයි අපේ නංගිගෙ සද්දේට වට පිටාවේ ගෙවල් වල ඈයෝත් දුවගෙන ආවා....හොරාව නම් අල්ල ගන්න ලැබුනෙ නෑ..ආයේ මන් ඒ කාමරේටවත් ගියෙ නෑ...
පොලිසියට කිවුවත් හොරා අල්ල ගන්න බැරි උනා..


හැබැයි එදා වෙච්ච බය සෑහෙන කාලයක් තිබුනා....ඒ සිද්ධිය අහද්දි අනිත් අයට හිනා ගියත් මගේ හිතින් මන් බය වෙලා උන්නු තරම දන්නෙ මන් විතරයි...එදා දෙවියන් නිසා මන් බේරුනා කිසිම අනතුරක් නැතිව......

ඕන් ඔහොමයි අපේ ගෙදරට හොරු පැන්න සිද්ධිය ඉවර උනේ....:D




ප/ලි - හුග දවසකින් තමයි නිෂ් මේ පැත්තට ආවේ...නිෂ් තමන්ගෙ මව් රටට ආව නිසා මේ පැත්තට එන්න බැරි වුනා...ඉතින් දැන්නම් පෝස්ට් දාන්න වෙන්නෙ ගොඩක් අඩුවෙන්...ඒත් පුළුවන් වෙලාවට මේ පැත්තෙ එන්නම්...

Sunday, July 29, 2012

දැනෙනවා මං ජිවත් වෙනවා කියලා.....


දෑගිලි පටලගෙන
ඔයාගෙ උණුසුමට තුරුලු වෙලා
ඔයා කියන කථා අහන් ඉද්දි 
දැනෙනවා මං ජිවත් වෙනවා කියලා..
ආදරෙයි...මං..
මෙච්චරක්..මෙච්චරක්...
නෑ මෙච්චරක්...කියලා 
කොහොමද මං කියන්නෙ
දවසක ඔයාට මාව දාලා 
යන්න හිතුනොත්...........???
(..න්නැ නැ මං එහෙම හිතන්නවත් 
   කැමති නෑ...)
අපි කාලෙත් එක්ක
වයසට යනවා...
දන්නවද ඔයා.....??
මං මැරෙනකන්ම
ඔයාගෙ කටින්
අහන්න ආස..දේ
"ආදරෙයි මගේ මැණික පණටත් 
වඩා.."
කියලා.....♥ ♥




Wednesday, July 25, 2012

අයියෝ .... ලවු ලෙටර්... :D




මේ සිද්ධිය උනේ නිෂ් නවයෙ පංතියෙ ඉද්දි..හැමදාම වගේ එදත් අපි ගියා උදේ රැස්විම තියෙන තැනට..ඉතින් පැය භාගයක් විතර ගියා යාච්ඤා එහෙම කරලා සිස්ටර් ප්‍රින්සිපල්ගෙ දැන්විම් ටිකත් කියලා ඉවර වෙද්දි...සේරම ඉවර උනාටත් පස්සෙ සිස්ටර් කිවුවා නවය වසරින් ඉහල අය මෙහෙමම ඉඳලා අනිත් අය පංති වලට යන්න කියලා..දැන් එතන ඉන්නෙ අපිත් එක්කලා 10,11,12,13 පංති වල ඉගෙන ගන්න අක්කලයි...එතන ඉන්න අයගෙන් අපි පොඩි උනාට යමක් කමක් තේරෙන උදවිය ඕන්....දැන් එක එක්කෙනා   කණ්ඩායම් ගැහිලා සාකච්ඡාව...සිස්ටර් ප්‍රින්සිපල් ස්ටාෆ් එකත් එක්ක සාකාච්ඡාව අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා වැලන්ටයින් ඩේ එකටත් තව කල් තියෙනවා...(ඇයි වැලන්ටයින් ඩේ එකට අපේ සේරමන්ගෙම බෑග්ස් චෙක් කරන්න යද්දිත් ඔක්කොම ලමයින්ව එලියෙ තියා ගන්නවනේ...) ඔන්න දැන් මිස්ලත් බෙදිලා පංති වලට යනවා...දැන් නම් ලමයින්ට තේරුනා මිස්ලා බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා...ඒත් එක පාරටම...අපිත් ඔහේ බලන් උන්නා....
සමහර උදවිය ඉන්නවනෙ මිස්ලගෙ හිත් දිනා ගන්න ලමයිනගෙ ආදර සම්බන්දතා අල්ලලා දෙන අය...හැබැයි ඒ වෙද්දිත් එහෙම ආදර සම්බන්දතා හොරෙන් අරන් ගිය ලමයි ගොඩ දෙනෙක්ව සිස්ටර්ට ආරංචි වෙලා අපේ ස්කොලෙනුත් අස් කරා...
ඉතින් දැන් මිස්ලා පංති වලට ගියා..මෙන්න  ඒත් එක්කම අපිත් එක්කම හිටිය නවය වසරෙ ලමයි සෙට් එකක් දුවන්න ගත්තා...එයාලා නවය C එකේ අපේ පංතියට එහා එකේ...ඒත් එක්කම අපිත් දුවන් ගියා..අපේ පංතියට එහා එකෙ උනාට අපේ පංතියෙ සෙට් එකක් මේ දුවපු ලමයි සෙට් එකත් එකත් එක්ක තරහයි..මට මතක විදියට ඒකත් කොල්ලෝ සීන් එකක්..ඔන්න අපිත් දුවන් ගියා කස්ටියට පස්සෙන්...මිස්ලා පංති වලට යන්න කලින් අර කලින් දුවපු සෙට් එකයි අපෙ පංතියෙ සෙට් එකයි දුවන් ගියා...ඒත් එක්කම මෙන්න බොලේ අර දුවන් ගියපු එක ලමයෙක් කොලයක් බෑග් එකෙන් අරන් කටේ දාලා හපනවා...
හපොයි.....එහෙමත් කෑමක් හරියට නිකන් චුයින්ගමක් හපනවා වගේ...ඔන්න මිස්ලත් ආවා....
ළමයි මෙතන මොකක්ද වෙන්නෙ..මිස් කෙනෙක් ඇහුවා...
කවුරුත් උත්තර නෑ...අපි සිද්ධිය දැක්කා උනත් කොහොමද අප්පා කටක් ඇරලා කියන්නෙ....
මිස් මෙයා ලියුමක් අරන් කටේ දාගෙන හැපුවා...අර අපේ පංතියෙ ඉන්න ලියුම හපපු ලමයගේ තරහ කාරයෙක් කිවුවා...(ලමයෙක් ඉස්කෝලෙන් අස් කරන්න පැහැදිලි සාධාරණ හේතුවක් තියෙන්න ඕනෙ..ඒ වගේම සාක්ෂි...)
දැන් මිස් අර ලමයගෙන් ලියුම ඉල්ලනවා..ඒ ලමයා තවත් ඒක හපනවා...හපලා හපලා එලියට ගත්තා...
හික් හික් දැන් ඉතින් මොන සාක්ෂිද....ලියුමේ අකුරුත් හොයා ගන්න නෑ.....

හැබැයි ඔය සිද්ධියට පස්සෙ මිස්ලා ප්‍රිෆෙක්ට් අක්කලා එහෙම අර ලමයි සෙට් එක පස්සෙන්ම හිටියා ඒත් කිසිම හෝඩුවාවක් එයාලට හොයා ගන්න බැරි උනා...(කොහොමද ලමයින්ගෙ මොලේ...)

කියන්න ඕනා එක දෙයක් ලමයින්ගේ වැරදි ඒ කියන්නෙ ඔය වගේ ආදර සම්බන්ධතා ගැන හොය හොය ලමයි ස්කෝලෙන් අස් කරන්න උත්සහ කරපු මිස්ලා  අතරෙ අනේ අපරාදෙ කියන්න බෑ..ලමයින්ට උදව් කරපු මිස්ලත් උන්නා...බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා දැන ගත්තම අපේ පංතියෙ ලමයි බෑග්ස් වල ලියුම් , ෆෝන්ස් එහෙම තියෙනවා නම් අපේ පංතියට එක් විශයක් උගන්නපු මිස් කෙනෙක් උන්නා..ඒ මිස්ට තමයි කියන්නේ...ඉතින් වෙන මිස් කෙනෙක් පංතියට යන්න කලින් මිස්ම ගිහින් ඒ ලියුම හරි ෆෝන එක හරි අරන් මිස් මිස්ගෙ බෑග් එකට දා ගන්නවා....ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ අයිතිකාරයා ගිහින් ඒ මිස්ගෙන් ඉල්ල ගන්නවා.....
විශේෂයෙන් කියන්න ඕනේ ලමයින්ට ම්ස්ලා එහෙම උදව් කරෙ අපි දහතුන වසරට ආවාට පස්සේ......එතකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙන්න ලඟයිනෙ..ඒ නිසා වෙන්න ඇති.....

Friday, July 20, 2012

ඇගේ කාලකන්ණි ආදරේ....



නුඹ යක්ෂයා..
ඇගෙ ශරිරයට බලෙන්ම ඇවිත්
ඇගේ ශරිරයෙ අරක් ගත්...
ඇයව මෙහෙයවන...
ඇයට ලෝකය පමණක් නොව...
ඇයට ඇයවම එපා කරවන ...
ඇගේ ආත්මයම විනාශ කරන....
...............................

ඉතින් ඔය මදැයි....
දැන්වත් ඇයට පාඩුවෙ ඉන්න දී...
පිං සිද්ධවෙයි....,
ඇය අතහැරපන් සදහටම...

Thursday, July 12, 2012

සල්ලි කොල......:D

මේ සිද්ධිය උනේ මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා...ඉතින් ඒ වෙනකොට අපේ පවුලේ ගොඩක් දෙනෙක් පිටරට රැකියාවන් සඳහා ඉතාලියට ඇවිත් තිබුනේ...පුංචිලා මාමාලා ඔක්කොම රට නිසා එයාලගේ ගෙවල් හදන රාජකාරි, වාරික ගෙවන රාජකාරි ඔක්කොම පැවරිලා තිබුනේ අපේ මම්මටයි පප්පටයි...මම්මා උන්නෙ අපේ ගෙදර උනාට පප්පා කෑමට බිමට අපේ ගෙදර ආවාට වැඩි හරියක් උන්නෙ අල්ලපු ගෙදර ඒ කියන්නෙ අපේ මාමාලගේ ගෙදර...ඒකට හේතුව උනේ පප්පා කවදත් කැමති නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න...මොන ප්‍රශ්නයක් ගැනවත් එයා ඕනාවට වඩා හිතුවෙ නෑ...අපිත් ඒ කාලේ පොඩි නිසා අපි කෑ කෝ ගහද්දි එයාට නිදහසක් නැති නිසා තමයි එයා කෑම කන්න විතරක් අපේ ගෙදරට ඇවිත් මාමාලගේ ගෙදර ගිහින් ඉන්නෙ..රේඩියෝ එක දාගෙන එහෙමත් නැත්නම් ටී වි බල බල ඒ නැත්නම් වත්තෙ පිටියෙ වැඩක් කරගෙන එයා සැහැල්ලුවෙන් උන්නා...

ඔය අතරේ අපේ පුංචිගේ ගේ හදන්න පටන් අරන් තිබුනා..ගේ හදන්න සල්ලි පුංචි එවුවෙ අපේ මම්මට..එයා තමයි බාස් ලගේ වියදම් බඩු මූට්ටු ගන්න යන වියදම් හරියට බලලා කරන්නේ...ඉතින් එක පාරක් පුංචි සෑහෙන්න ලොකු ගානක් එවලා තිබුනා...මට හරියට ගාන නම් මතකයක් නෑ..හැබැයි ලොකු ගානක්...ඉතින් සල්ලි අපේ ගෙදර තියා ගන්න මම්මා බය උනා...පස්සේ පප්පා කැමැත්තෙන්ම සල්ලි ටික අරන් ගිහින් හංගලා තිබුනා...

ඔන්න දවසක් අර සල්ලි වල අවශ්‍යතාවය ආවා...දැන් පප්පා ගේ පෙරලගෙන සල්ලි හොයනවා..අපිත් හොයනවා..ඒ අතරෙ මම්මගේ ඇඩිල්ල අහන් ඉද්දි ඔක්කොම එපා වෙනවා...පප්පට බැන බැන නෙ අඩන්නෙ...
අනේ ඉතින් කොහෙවත් නෑ..දැන් මොකද කරන්නෙ...අයියෝ...
ඔන්න පප්පට හදිසියේම දෙයක් මතක් උනා...පප්පා ඇතුල් කාමරේට ගියා අපිත් ඒත් එක්කම ඇතුලට ගියා..කාමරේ ඇතුලේ තියෙනවා මාමාලා රටින් ගෙනාපු අවන් එකක් කවුරුත් නැති නිසා ඒක පාවිච්චි කරන්නෙ නෑ.. ඉතින් පප්පා ඕක පියන ඇරියා...


හපොයි දෙවියනේ...........................

මීයෝ සල්ලි භාගයක් විතර කාලා ඒ මදිවට ඒ උඩ පැටවු දාලා මෙන්න මේ වගේ චුටි පැටවු.....සල්ලි කොල චුටි කෑලි තමයි ඉතිරි වෙලා තිබුනේ....
                                                   
                                                   -
                                                   -
                                                   -
                                                   -
                                                   -







ඔන්න ඊට පස්සෙ ඒ සල්ලි බැංකුවට දිලා මාරු කරගත්තා...ඒ නිසා අවුලක් උනේ නෑ...හැබැයි ආයේ නම් මම්මා පප්පට සල්ලි භාර දුන්නෙත් නෑ...පප්පා සල්ලි භාර ගත්තෙත් නෑ....:D :D




Saturday, July 7, 2012

යළිදු පැමිනෙන්න....හඬන හිත සනසන්න......




ඉකි ගසා හඬන මේ හිතට

පැමිනෙන්න සැනසුමක් රැගෙන

තවම මඟ බලා හිදි

දැක ගන්න ඔබේ රුව...

තාම තියෙනවා කඳුලැල්
හෙලන්නට නුඹ නමින්
සාගරයක් තරමට අඞන්නම්
අනේ නුඹ ලැබේ නම්....

මට මාව අහිමි කර

යන්නම ගියා නුඹත්

ශාප දෙන්නෑ සත්තයි

සැනසෙන්න නුඹ තුටින්......










ප/ලි -
බලන බලන හැම තැනම තියෙන්නේ ආදරෙත් එක්ක විරහව..ඒ නිසා නිෂ්ටත් එහෙම නිසදැසක් ලියන්න හිතුනා...ඒ වගේම කියන්න ඕනෙ මේ වෙනකොට නිෂ්ගෙ ජිවිතයට මේ දේ සම්බන්ධ නෑ කියලත්..
(නිෂ් එහෙම කිවුවේ නිෂ්ගේ කුමාරයා කැමති නෑ නිෂ් දුක හිතෙන නිසදැස් ලියනවට. මොකද නිෂ්ගේ කුමාරය කැමති නෑලු නිෂ් දුකින් ඉන්නවා කියලා කවුරුත් හිතනවට... ;) .....)




Friday, June 29, 2012

මිනිස් ඇට කටු ද...?





මේ සිද්ධිය උනේ මන් දෙක වසරේ ඉද්දි...ඒ දවස් වල ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකන් ඉන්නෙ ඉක්මනට කාලා ඔන්චිල්ලාව අල්ල ගන්න යන්න...අපේ ඉස්කෝලේ පුංචි කන්‍යාරාමයක්...ඒකෙ පහ වසර වෙනකන් ඉඳල තමයි ලොකු කන්‍යාරාමයට යන්නෙ....ඉතින් දවසක් මායි මගේ යාළුවෝ සෙට් එකයි ඉක්මනින් කාලා ඔන්චිල්ලාව ලඟට එනකොට වෙන ලමයි සෙට් එකක් ඔන්චිල්ලාව අල්ලගෙන ඉතින් කොච්චර ඔතනට වෙලා උන්නත් ඉන්ටර්වල් එක ඉවර වෙන කන්ම අපිට එක පාරක් වත් ඕක ලැබෙන්නෙ නෑ කියලා අපි දන්නවා...මොකද අපිත් එහෙමනේ අපි අල්ල ගත්තොත් ඉන්ටර් වල් එක ඉවර වෙලා බෙල් එකත් ගහලා මිස් පංතියට යනකන් හරි සිස්ටර් ප්‍රින්සිපල් වේවැල අරන් එනකන් හරි ඔන්චිලි පදිනවා...කොහොමින් කොහොම හරි අපිට එදා ඔන්චිල්ලාව මිස් උනා...දැන් ඉතින් මොනා කරන්නද ඉන්ටර්වල් එක ඉවර වෙනකන් කරන්නත් දෙයක් නෑනේ..ඉතින් අපි කොන්වන්ට් එක පැත්තට ගියා ඇවිදින්න...ඒ හරියේ මඩුවක් වගේ එකක් තියෙනවා...ඉතින් අපිත් ඔතන කැරකි කැරකි ඉද්දි එක ලමයෙක් ඇටකට්ටක් වගේ එකක් පෙන්නුවා..මඩුව ලඟ..ඒක මගේ කකුලට පෑගිලා...ඔන්න එතන තව දෙක තුනක්ම තියෙනවා..ඒ මදිවට සුදු රෙදි වගේ කුත් තියෙනවා...සුදු රෙදි කිවුවට ඒ වෙලාවෙනම් දුවිලි ජරාව වැදිලා වෙන පාටක් වෙලා තිබුනේ...අපි ඉතින් ඇටකටු දැකලා තියෙනව යැයි...

ඔන්න ඉතින් දැන් ලමයි එක එක එවුවා කියනවා..එකෙක් කියනවා..ඉස්සර මෙතන කවුද මැරිලා උන්නයි කියලා..තව එකෙක් කියනවා ඉස්සර සිස්ටර්ස්ලව මැරුනම කොන්වන්ට් එකෙමයි වලලන්නෙ කියලා..තව කියනවා ඇටකටු පෑගුනම හොල්මන් රෑට එනවා කියලා...කථා ගොඩයි...
නිෂ් ඉතින් ඒ කාලේ පුංචි ලමයනේ...ඇත්තම කියනවනම් ඉස්සර වගේම දැනුත් බයයි අඩුම තරම රෑ අටෙන් පස්සෙ තනියම එලියටවත් යන්නෙ නෑ...එක කාලයක් තිබුනා කාමරේකින් කාමරේකට තනියම යන්නෙ නෑ...ඒ තරමටම බයයි...ටීවි බලද්දිත් බය හිතෙන මියුසික් එකක් ගියත් ඇස් දෙකයි කන් දෙකයි වහගෙන තමයි ඉන්නේ...තවමත් එහෙමයි..ඒත් ඉස්සර තරම්ම නම් නෑ....:D

ඉතින් දැන් නිෂ් හිතුවේ මේ කියන කථා ඇත්තම ඇත්ත කියලා...ඉස්සර ඉතින් පොඩි ලමයි දන්නෙ නැති උනත් ඔහේ කියවනවනෙ......දැන් ඉතින් නිෂ්ගෙ ඇස් දෙකෙම කඳුලු....ඉතින් එහෙම කථා කිවුවම ඕන කෙනෙක් බය වෙනවනේ....:-/ දැන්නම් නිෂ් හොඳටම බය වෙලා..ඉන්ටර්වල් එක ඉවර වෙන්න බෙල් එකත් වැදුනා...දැන් ඔක්කොම ලමයි පංතිවලට යනවා...අපේ සෙට් එකත් මට අඩන්න එපා කිය කිය පංතියට ගියා..මිස් ආවා පංතියට ඒත් මන් අඩනවා...මිස් අහනවා ඇයි අඩන්නෙ කියලා ඒත් කවුරුත් කිසි උත්තරයක් නෑ...දැන් ඉතින් මිස්ටත් මලපැනලා ඇයි ඉතින් උගන්නන්නත් විදියක් නෑනෙ...ඔන්න එක ලමයෙක් කිවුවා..ටිචර් මේ නිෂ්ට මැරුන සිස්ටර් කෙනෙක්ගේ ඇටකට්ටක් පෑගිලා..ඒකට එයා බයවෙලා අඩන්නෙ කියලා...
මට මතකයි මිස්ට ඒකට හිනා ගියා...ඉතින් ලමයි මිස්ටත් කියනවා මට කිවුව විස්තරේම....ඇටකටු පෑගුනම අරහෙම වෙනවා මෙහෙම වෙනවා...එකම සද්දයයි පංතියෙම..මිස් ගිහින් අනිත් පංතියෙ මිස්ටත් කිවුවා විස්තරේ..තාමත් මන් අඩනවා...
පස්සෙ මිස් අපි ඔක්කොමලව එක්කන් ගියා ඒ මඩුව තිබුන තැනට...සිස්ටර් ප්‍රින්සිපල්ටත් එන්න කියලා...සිස්ටර්ත් ආවා...මිස්ලා දැන් ඒක දැකලා හිනා වෙනවා ඒත් තාම මන් අඩනවා...

පස්සෙ සිස්ටර් මාව ලඟට අරන් කිවුවා..නිෂ් මෙහෙ එහෙම කිසිම දෙයක් නෑ...මේ තියෙන්නෙ කොන්වන්ට් එකේ ඉන්න බල්ලන්ට ගෙනාපු මස් කටු...:D


අනික මේ පරන රෙදි කෑලි වගයක් මේ මඩුව ඇතුලෙ තියෙන්නෙ කියලා...ඒත් ඉතින් කොහෙද මගේ ඇඩිල්ල නවත්තනවා බොරු...ඉස්කෝලේ ඉවරවෙලා අම්මා එනකන්ම මන් ඇඩුවා...පස්සෙ මට උනත් ගැනුනා....ඔන්න ඔහොමයි නිෂ් ඇටකටු කියලා මස් කටු වලට රැවටුනේ....:D

Friday, June 22, 2012

ඊයෙත් අදත් හෙටත් හැමදාමත්.....♥♥




මං.....,,,
තරුවක්.....
අහසින් කඩා වැටුන...
කවියක්.....
පද වැල් අපිලිවලට ඇමිනුව
හීනයක් .....
තවත් එක් සැබැ නොවෙන
මුහුදු රැල්ලක්.....
වෙරල ලඟටම ඇවිත් ආපසු යන
ඒත්...,
ඔයා..,
ඒ තරුවට අර්ථයක් දුන්නා....
ඒ පද වැල් අපිලිවෙලට උනත්
තාලයට ගැයුවා....
ඒ දැක්ක හීනේ සැබැවක් කරන්න
වෙහෙස වුනා....
ඒ රැල්ල ආයෙ එනතුරු
වෙරලට වෙලාම උන්නා....
ඉතින් තවත් මට වෙන මොනවද......
ඔයා..ඔයාගේ ආදරය මට......
සත්තයි.............
ලෝකයක් වටිනවා..........
ඊයෙත් අදත් හෙටත්.....
හැමදාමත්...♥♥♥



Saturday, June 16, 2012

මදුරුවා සහ නුඹේ ආදරය.....



ලියන්නට ගත්තා 
නුඹේ ආදරය ගැන..
කොහෙන් පටන් ගන්නද
හිත හිතා ඉන්නකොට...............
"රූං රූං "
කැරකෙනවා කන ලඟ
"චටා.......ස්"
දහතුන් වැනි මදුරුවා මේසෙ උඩ
ඉතින්..........
කොහේ ලියන්නද....?
නුඹේ ආදරය ගැන...
නැවතුනා..
පටන් ගත්ත තැන එහෙම්මම........:D

Monday, June 11, 2012

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...2

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...1

කෙනෙක් එකපාරක් දැක්කොත් ආයේ හැරිලා බලන රූ සපුවක් හිමි සොනාලි පිරිමි තුන්දෙනෙකුගේ පවුලේ එකම ගෑණු ළමයා..ආගමට දහමට ලැදි පවුලක එකම ගෑණු ළමයා උන සොනාලිට හැමෝම ආදරය කලා..කොච්චිකඩේ ජනප්‍රිය පාසැලක ඉගෙන ගත්ත සොනාලි දහවන පංතියෙදි තමයි අපේ පාසැලට එන්නෙ.ඒ සොනාලිගේ පියාගේ ව්‍යාපාර කටයුතු නිසා ඔවුන් ගෙවල් මාරු කර අපේ පලාතට ආවේ..ඒ ඇවිත් ටික කාලයකින් සොනාලි අපිත් එක්ක යාළු වුනා..අපි ඉන්ටර්වල් එකේදි කෑම කෑවේ පවා එකට..පංති ගියේ..ඇඳුම් පැළදුම් ගන්න ගියේ ඒ සේරම එකට...ඒ අතරේ තමයි සොනාලිට සමිර මුණ ගැසෙන්නේ..සමිර ඒ වෙද්දි උ/පෙල අවසන් අවුරුද්ද..සමිරගේ පවුලේ අයියයි එයයි..දෙන්නම හැඩ හුරු කමින් එක වගේ..ඒත් සමිර ටිකක් පාටයි..සමිරගේ ගේ තිබුනේ සොනාලිලා අළුතින් කුලියට ගත් ගෙදරට ගෙවල් තුන හතරකට මෙහායින්..

ටික කාලයක් යද්දි සොනාලියි සමිරයි ආදරේ කරන්න පටන් ගන්නවා..ඒ අතර තුර තමයි නුවන් සොනාලිලගේ නිවසට යන්න එන්න පටන් ගන්නේ..නුවන් කියන්නේ සොනාලිගේ පොඩි අයියගේ හොඳම යාළුවා..සල්ලිකාර පවුලක එකම දරුවා..එහෙම ටික දවසක් යද්දි නුවන් සොනාලිගෙන් යාළුවෙන්න අහනවා..ඒත් ඒ වෙද්දිත් සොනාලිගෙයි සමිරගෙයි ආදර කථාව පටන් අරන්..නුවන් සොනාලිගෙන් අහලා බැරිම තැන සොනාලිගේ පොඩි අයියට කියනවා නංගි ගැන අදහසක් තියෙනවා කියලා..පොඩි අයියනම් නුවන්ට කැමති..සොනාලි නුවන් විවාහ කරගත්තොත් ඇයට හොඳින් ජිවත් විමට පුළුවන් නිසා..පොඩි අයියත් නිතරම සොනාලිට නුවන් ගැන කියනවා..ඒත් ඒ මොන දේටවත් සොනාලිගේ හිත වෙනස් වෙන්නෙ නෑ..සොනාලිට නුවන් එක්ක සමිර ගැන කියන්න බෑ..සොනාලි දන්නවා එහෙම කිවුවොත් නුවන් පොඩි අයියා එක්ක කියනවා කියලා...එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ...

දිනක් නුවන් සොනාලිලගේ ගෙදර එනවා..ඒ එද්දි රත්තරන් චුටි චේන් එකකුයි කරාබු දෙකකුයි අරන් එනවා සොනාලිට..ඒත් සොනාලි ඒක භාර ගන්නෙ නෑ..අවසානයේ සොනාලි සමිර ගැන නුවන් එක්ක කියනවා..නුවන් තේරුම් ගන්න ඇති දෙදෙනෙක් මැද්දට එන්න හොඳ නෑ කියලා..ඇයටත් සමිරටත් සුභ පතා ඔහු යනවා...සොනාලි හිතුවටත් වඩා ඉක්මනින් ඒ ප්‍රශ්නෙත් ඉවර උනා..කාලෙත් එක්ක සොනාලිගේත් සමිර ගෙත් ආදර කථාව ගලාගෙන යනවා...ඒ අතර තුර තමයි සමිර ගැන සොනාලිට නරක ආරංචි එන්න පටන් ගන්නෙ..ඒත් සොනාලිගේ ආදරේ නිසාමද මන්දා ඒ එකක්වත් සොනාලි විශ්වාස කරන්නේ නෑ..දැන් ඔයාලා හිතනවා ඇති සොනාලි හරි මෝඩයි කියලා මාත් එහෙම හිතුවා ඒත් අද මට තේරෙනවා සොනාලිගේ හිතේ තිබුන ආදරෙ නිසයි ඒ එකක් වත් සොනාලි විශ්වාස කරේ නැත්තෙ කියලා..

දවසක් පංති යන්න ලෑස්ති වෙලා ඉද්දි සොනාලිට කෙටි පණිවිඩයක් එනවා ඒ රහල්ගෙන්...
"නංගි ඔයා මන් කිවුව ඒවා විශ්වාස කරේ නෑනේ සමිරලගේ ෂොප් එකට මේ දැන් යන්න ඌ මේ වෙද්දිත් කෙල්ලෙක් එක්ක ඉන්නෙ.."
සොනාලි පංති යන ගමන අතහැරලා යනවා සමිරගේ ෂොප් එකට දෙවියනේ සොනාලි කිවුව දේ නිසා මන් අදටත් සමිරව දැක්කත් අහක බලනවා නම් සොනාලිට ඒ දේ කොහොම දරා ගන්න පුළුවන් වෙන්න ඇත්ද..?

ඒ වෙද්දි අපිට සා/පෙලට මාස තුනක් වගේ තමයි තිබුනේ..සොනාලි එදා පෙති වගයක් බිලා තිබුනා..ඒත් සොනාලිගේ වාසනාවට එයාට මුකුත් උනේ නෑ...සොනාලිට හිත හදා ගන්න අමාරු උනා.අනේ සොනාලි මාත් එක්ක කොච්චර නම් අඬන්න ඇත්ද..මට තාම මතකයි අනේ නිෂ් සමිර අයියා ඇයි මට මෙහෙම කරේ මන් එයාට කොච්චර ආදරේ කරාද කියලා අඬනවා..ඒත් එක්කම අපේ විභාගෙත් ආවා..සොනාලිත් විභාගේ ලිවුවා..අපි හැමෝම හිතුවේ සොනාලි විභාගේ ෆේල් වෙයි කියලා..ගණිත විශය ඇරෙන්න ඇය අනිත් විශයන් සියල්ලම සමත් උනා..ගණිත විෂය අසමත් නිසා එයාට උ/පෙල කරන්න බැරි වුනා..

ආයෙත් එයාලා ගෙවල් මාරු කරා..ඒ ටිකක් දුර..පස්සේ මට සොනාලිව නිතර මුණ ගැසුනෙ නෑ.හැබැයි කෝල් කරා නිතරම වගේ..එහෙම අවුරුදු දෙකක් විතර ගියා..පස්සේ සොනාලිට විවාහ යෝජනාවක් ඇවිත් තිබුනා..සොනාලිලගේ ගෙවල් පැත්තේ කෙනෙක්..එයා තමයි සඳරූ..

සොනාලි සඳරූ නිසා සතුටින් උන්නා..සඳරූගේ ආදරේ නිසා සොනාලිට සමිර ගැන මතකය ටිකෙන් ටික ඈත් උනා..සොනාලි සමිර ගැනත් සඳරූට කියලා තිබුනා..සඳරූ සොනාලිට ඇත්තටම ආදරේ කරා..ඔවුන් විවාහ වෙන්න උන්නේ...දෛවය හැමදාම කරේ සොනාලිට අසාධාරණකම්..සඳරූගේ ආදරය වැඩි කල් සොනාලිට ලබන්න බැරි උනා...

දවසක් මට කෝල් එකක් ආවා ඒ සොනාලිගේ අම්මා..ඒ මන් රට යන්න ටික කාලයකට කලින්
"දුව සොනාලි හොස්පිට්ල් ඇඩ්මිට් කරා..එයා තමයි කිවුවෙ ඔයාට කෝල් එකක් දිලා කියන්න කියලා."
 මන් එදා හොස්පිට්ල් එකට ගියා..

මට අදටත් මතකයි ඒ මූණ...මහා අසරන කමක් තිබුනා..ඇස් වටේ කළු වෙලා කොන්ඩේ තිබුනායින් භාගයයි..ඇඟ හොඳටම කෙට්ටු වෙලා..කලන්තයක් දාලා තමයි සොනාලිව හොස්පිට්ල් එකට අරන් ඇවිත් තිබුනේ..මන් එයා බලන්න යද්දි සඳරූ සොනාලි ලඟ උන්නා..සඳරූගේ ඇස් වල කඳුළු මන් දැක්කා..එදා මන් හිතුවේ සොනාලි කොච්චර වාසනාවන්තද කියලා..
ඒත් මට වැරදුනා..
ඒ වෙන කොටත් සොනාලිගේ ලෙඩේ මොකක්ද කියන්න ඩොක්ටර්ස්ලවත් හොයා ගෙන තිබුනෙ නෑ..ටික දවසකින් ඇයට ගෙදර යන්න පුළුවන් උනා..ඒ වෙද්දි මට රට යන්න දවස් කිහිපයයි..අන්තිමට මට ඇය මුණ ගැසුනේ අපේ පල්ලියේදි..එයා එයාගේ අම්මා එක්ක ඇවිත් උන්නෙ..එයාට කොච්චර ලොකු  අමාරුවක් තිබුනත් එයාට ඒ හැමදේම මොහොතකට අමතක කරන්න පුළුවන් ලස්සන හිනාවක් තිබුනා..ඒ හිනාවෙන්ම එදා එයා මට සුභ පැතුවා..

මන් ඉතාලියට ඇවිතු මාස හතරක් ගෙවුනා...ඒ අතර තුර මට ආරංචි උනා සොනාලිට සැරින් සැරේ අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරා කියලා..
එදා හරියටම එයාලගේ ගමේ පල්ලියෙ මංගල්ලෙ දවසේ..ඒ වෙලාවේ මන් අපේ ගෙදර අයත් එක්ක ස්කයිප් එකෙන් කථා කර කර උන්නේ..ඒ වෙලේ අයියා කිවුව දේ අහලා මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා..සොනාලි අපිව දාලා ගිහින් ආයේ අපි ලඟට එන්නෙම නැති ගමනක්...ඒත් දෛවය කොහොමද එයාට එච්චර අකාරුනික උනේ...චපල ආදරයක් නිසා අවුරුදු තුනක් දුක් වින්ද සොනාලි උතුම් ආදරයක් නිසා හිනා වෙන්න ගත්තා විතරයි එයාගේ හිනාව නැත්තටම නැති කරලා එයාට ජිවිතෙත් අහිමි කරා...


බලන බලන දෙස
සැමදේ නිසිලෙස
එනමුත් මිතුරිය 
නුඹ නෑ පෙර ලෙස
දෛවයේ සරදමින්
දෙනෙත් පියාහල
නැවත ඉපදෙන්න
මිතුරි....
සිනහවත් රැගෙන
මතු අත්භවේදිත්
අප අතරටම....



ප/ලි
ගිය අවුරුද්දේ මන් ලංකාවට ගිය වෙලාවේ සොනාලිගේ අම්මා මුණ ගැසුනා...ඒ අම්මා එදා මාත් එක්ක හරියට ඇඩුවා.මාව දකිද්දි එයාට සොනාලිගෙ මතකය ආයෙ අළුත් වෙන්න ඇති.අම්මා කෙනෙක් කොහොම ඉවසන්නද ඒ දුක අවුරුදු විස්සක් අතක් පයක් කැඩෙන්න නොදි ආදරෙන් හදපු තමන්ගේ එකම දුව තමන්ව දාලා ගියා කියලා හිතෙද්දි....ඒත් මොනවා කරන්නද වෙලාව ආවාම අපි හැමෝටම යන්න වෙනවා..ඒකයි ජිවිතේ කියන්නෙ....ඉපදිමක් ඇත්නම් මරණෙකුත් තියෙනවනෙ......
____________________________________________________

Friday, June 8, 2012

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....


ආදරෙත් එක්ක එකට ගැළපෙනම වචනේ තමයි අම්මා කියන්නේ..ප්‍රශ්නයක් ආවම ඒකට හිනා වෙලා මූණ දෙන්න අපිට හැමතිස්සෙම කියලා දෙන්නෙ අපෙ අම්මා..
මට මතකයි මායි අයියයි චූටි කාලේ අපේ තාත්තා උන්නෙ රට..අපේ අම්මා මාවයි අයියවයි බලා ගත්තෙ අම්මගේ ඇස් දෙක වගේ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගන්න කොච්චර වෙහෙසෙන්න ඇත්ද..එක දවසක්වත් අම්මා මාව තනියම පංති යැවුවෙ නෑ..ඒත් එදා ඒ ආදරේ සෙනෙහස ගොඩක් දැනුනෙ නෑ..සමහර විට අම්මා අපේ ලඟ උන්නු නිසා වෙන්න ඇති. අම්මා රට ගියායින්  පස්සෙ තමයි අම්මගේ ආදරේ සෙනෙහස ආරක්ෂාව නැතිකම තදින්ම දැනෙන්න ගත්තේ...ඇත්තටම මේ ලෝකේ අම්මා කෙනෙක්ගේ තැන ගන්න කාටත් බෑ..මගේ ජිවිතේ මුල්ම ගුරුතුමිය මගේ අම්මායි..මේ ලෝකේ කිසිම වෙනසක් නැතිව අපිට ආදරේ කරන්නේ අපේ අම්මා විතරයි...අපිට කරදරයක් උනාම හදවතින්ම තැවෙන්නෙ අපේ අම්මා විතරයි...අපි කොලයක් අරගෙන ඉරි කෑලි දෙකක් ඇඳලා පෙන්නුවත් අපේ අම්මා විතරයි ඒකට ලස්සනයි කියන්නේ...ඒ ලස්සනම නිසා නෙමෙයි අපේ හිත රිදෙයි කියල හිතලා...


දෝර ගලනට
පෑව සෙනෙහස
නුඹෙන් පමනයි
ලැබුනෙ මගෙ අම්මා....


නිමක් නොමැතිව
දුන්නු ආලය
වටියි මට
දිවි තිබෙන තුරා.....


මේ භවයේ මෙන්
හැම භවයකදිම
මගේම වනු මැන
මගේ ආදර අම්මා....


අද මගේ ආදර අම්මගේ උපන් දිනය..අද වගේ දවසක තමයි මගේ රත්තරන් අම්මා මේ ලෝකේ එළිය දැකලා තියෙන්නෙ....




මන් හෙලන හැම හුස්මක් ගානෙම මගේ අම්මට ණය ගැතියි අම්මේ...ජාති ජාතිත් මගේම අම්මා වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.....මගේ අම්මට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා........


ඕන් ඉතින් මන් අම්මා වෙනුවෙන් කිරිබත් හැදුවා..ඔයාලත් එන්න කන්න....:)

Sunday, June 3, 2012

ආදරයත් ජිවිතයත් අහිමි වු ඇය.....1

සමිර අයියේ....
හ්ම්..
මේ...
කියන්න කෙල්ලෙ මොකෝ...
මන් දෙයක් අහන්නද...?
හා අහන්න බලන්න..
මන් මැරුනොත් ඔයා මොකද කරන්නෙ..?
ඔයා මැරුනොත් නේද ම්ම්ම් මන් වෙන කෙනෙතක් එක්ක යාළු වෙනවා..
(ඇය ඔහුගේ කන මිරිකයි)
ආව්...
හරි නරකයි අප්පා..නපුරා හැමදාම  මගේ හිත රිද්දනවා..
ඉතින් ඔයානේ ඕනේ නැති ප්‍රශ්න අහලා හැමදාම මාව තරහ ගස්සලා හිත රිදෝ ගන්නේ...
හ්ම් මේ තව දෙයක්..
ඒ පාර මොකක්ද...
නෑ මේ..
කියනවා හලෝ..
හරි ඉතින් තරහා ගන්නෙ නැතුව අහන්නකෝ.
හරි කියන්නකෝ.
මට ඔයා ගැන නරක ආරචි එනවා අයියේ..
අහ් මන් ගැන ඒ මොනවද..
ඔයා ආනන්දේ ඉන්න සයුරි අක්කත් එක්ක යාළුයි කියලා එයා එක්ක එහෙ මෙහෙ යනවා කියලා මගේ යාළුවෝ දැක්කලු..
(ඔහු ගැස්සෙයි)
ම් ම මම පිස්සුද හලෝ කවුද කිව්වේ..
කිව්ව කෙනාගෙන් වැඩක් නෑනේ ඒක ඇත්තද කියන්න..
මේ තමුසෙට මාව ද විශ්වාස නැත්නම් තමුසෙගේ මහලොකු යාළුවො කියන දේද...
හ්ම් ඔයාව..
එහෙනම් කියනවා කවුද කිවුවෙ..? නිෂ් ද..?
හ්ම් ඔව් ඒත් ඒත් ඔයා කොහොමද දන්නෙ නිෂ් කිවුවෙ කියලා..
න් නෑ..නැ..මේ එයා තමයි තමුසෙට ඔය වගේ දේවල් කියන්නෙ.මහා ඊර්ශ්‍යාකාර කෙල්ලෙක්.කුරුළු කූඩු කඩන්නමයි හදන්නේ..මේ සොනාලි මම එකක් කියන්නම් තමුසෙට මාව ඔනේ නම් ඔය නිෂ් එක්ක තියෙන යාළුකම නවත්තනවා හරිද...
(ඇය ඉකිගසයි..ඒත් ඇගේ කඳුළු ඔහුට ගානක්වත් නැත..)
අපි යන් දැන්..
හ්ම්..
__________________________________________________

උඹට නම් පිස්සු සොනාලි..සමිරයා හොඳ එකෙක් නෙමෙයි ඌට හැමතැනම කෙල්ලෝ..උඹ නිකන් උඹේ ජිවිතේ නාස්ති කරගන්නවා..
ඒත් නිෂ් මට දැන් සමිර අයියව අමතක කරන්න බෑ..එයා නැතුව මන් මැරෙයි..
උඹට කියනවට වඩා හොඳයි කට බිම උලා ගන්න එක..
මට බනින්න එපා බන් මට තේරෙන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා..මේ ඒක නෙමෙයි මන් මෙහෙම කිවුවා කියලා උඹ මා එක්ක තරහා වෙන්නෙ නෑනේ...
හරි බන් තරහා වෙනවද යාළුවෙනවද බලන්න ඉස්සෙල්ලා කාරනාව කියහන්කෝ..
ම් මේ.. මේකයි බන් සමිර අයියා ඉන්න වෙලෙට උඹ වැඩිය මාත් එක්ක කථා කරන්න එපා..
අහ්.. සමිරයද උඹට කිවුවේ මාත් එක්ක කථා කරන්න එපා කියලා..
හ්ම්ම්..
උඹ නම් මහා ගොන් හරකියෙක් බන් ඒකෙන්ම තේරරෙන්නෙ නැද්ද උඹට......මන් උගේ හැමදේම දන්න නිසා තමයි උඹට කිවුවේ මාත් එක්ක කථා කරන්න එපා කියලා..උඹ මහා මෝඩියෙක් බන්...
මන් දන්නෙ නෑ නිෂ්...දන්නෙ මෙච්චරයි මන් සමිරයියට ගොඩක් ආදරෙයි..
දවසක උඹට තේරේයි..හැබැයි කෙල්ලෙ එදාට උඹ පරක්කු වැඩි වෙයි..
පංතියට යන්...
____________________________________________________

හෙලෝ හෙලෝ සමිර අයියේ..
ඇයි සොනාලි හදිස්සියක්ද..
න් නෑ මන් මේ නිකන් ගත්තේ ඔයා මට කෝල් කරන්නෙත් නෑනේ..දැන් දවස් හතරකින් කථා කරෙත් නෑනේ ඒකයි
මන් ඔයාට පස්සේ කෝල් එකක් දෙන්නම් ළමයෝ මන් දැන් බිසි..
හ්ම් 
බායි.
බුදු සරණයි පරිස්සමින්...
(ඇය නැවත දුරකථන ඇමතුමක් ගනියි)
හායි කෙල්ලේ මොකෝ අපිව මතක් වෙලා..
න් නෑ බන් නිකන්..
නිකන්..නිකන් වෙන්න නම් බෑ කියපන් මොකෝ..
මුකුත් නෑ බන්..මට පාළුයි ඒකයි ගත්තේ..
හ්ම් හ්ම් උඹ කියනවා මන් අහනවා..මේ ඒක නෙමෙයි උඹේ යාළුවෙක් ඇවිත් මෙච්චර වෙලා ඉඳලා දැනුයි ගියේ...
කවුද බන්..
රහල් බන්..ඌ උඹ ගැනමයි කථා කරේ..රහල් සමිරයගේ යාළුවා උනත් හිත හොඳ එකා බන්..ඌ දුක් වෙනවා උඹ ගැන..
හ්ම්...
මට හිතෙන්නේ රහල් උඹ ගැන හොයනවා වැඩි වගේ..
අනේ මේ නිකන් ඉදින්..මට මේ වෙලා තියන දේ මදිද..
හරි හරි බන් මන් නිකන් කිවුවේ...
මේ මන් තියන්නම් කෙල්ලේ..නිදි මතයි...
ඕකේ ගුඩ් නයිට් කෙල්ල..
( නිදි මතයි කිවුවත් සොනාලිගේ දෙනෙත් මොහොතකටවත් පිය වුනේ නෑ..ඇය විනාඩියෙන් විනාඩිය දුරකථනය අතට අරන් බැලුවා සමිරගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ ඇවිත් ඇත්ද කියා..බැරිම තැන නැවත ඇමතුමක් ගත්තා..)
"ඔබ ඇමතු ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත..කරුණාකර පසුව අමතන්න".

ඇය දිග හුස්මක් ගත්තා....
__________________________________________________
නංගි හෝව් කොහෙද මේ දුවන්නේ...
අහ් රහල් අයියා මන් ක්ලාස් යනවා..
මේ නංගි මන් නංගි මුණ ගැහෙන්නමයි උන්නේ විශේෂ කාරණාවකට....
විශේෂ කාරනාවක් ඒ මොකක්ද..?
මේකයි නංගි නංගි මේක අහලා කලබල වෙන්න එපා..
කියන්නකො අයියෙ ඉතින්
මේකයි මන් සමිර ගැන නංගි එක්ක කථා කරන්නයි ආවේ.....
සමිර අයියා ගැන ඒ මොනවද..?
මේකයි නංගි සමිරයා මගේ යාළුවා තමයි ඒත් මටත් නංගි වගේ නංගිලා දෙන්නෙක්ම ඉන්නවා..ඒ නිසයි මන් මේක නංගිට කියන්න ඔනේ කියලා හිතුවේ..
හ්ම්ම් කියන්නකො අයියේ...
සමිර නංගිට ඇත්තටම නෙමෙයි නංගි ආදරේ කරන්නේ ඌට හැමතැනම කෙල්ලෝ..මේ වෙද්දිත් ඌ කෙල්ලෙක් එක්කයි ඇත්තෙ....
මොනවා අනේ අයියේ ඔය ඇත්තමද...?
මන් මොකටද නංගි ඔයාට බොරු කියන්නේ....
(ඇය එදින පංතියට නොගොස් නැවත හැරි ගෙදරට දුව ගියා)
_______________________________________________

ඉහත සඳහක් වෙන්නෙ මීට අවුරුදු 7කට කලින් දෙතුන් දෙනෙක් අතර වෙච්ච දෙබස් කිහිපයක්...මේ චරිත අතරින් සොනාලි කියන චරිතය මේ වෙන විට අපෙන් සදහටම ඈත් වෙලා ගිහින්..කාලයක් මගේ ජිවිතයේ මගේ හොඳම යෙහෙලිය..අද වෙද්දි ඇය අපෙන් සමු අරන් අවුරුදු 3ක් වෙනවා...ඒ උනත් මේ හැම සිද්ධියක්ම මට අද වගේ මතකයි...තව දෙයක් ඇය අගේ ජිවිතේ හැමදේම මාත් බෙදා ගත්තා.ඇය තම ප්‍රේමවන්තයා සමඟ කථා කල දේවල් පවා...මේ සොනාලිගේ ජිවිතයේ අවසන් පරිච්ඡේදයයි......

මුලින්ම මන් චරිත ටික හඳුන්වලා දෙන්නම්....


සොනාලි - කථා නායිකාව
සමීර - සොනාලිගේ ප්‍රේමවන්තයා
නිෂ් - සොනාලිගේ හොඳම යෙහෙලිය(ඒ කියන්නෙ මන්)
රහල් - සමීරගේ යාළුවෙක්(හිත හොඳ කොල්ලෙක්)
නුවන්- සොනාලිගේ ආදරය පතා ආව පෙම්වතෙක්
සඳරූ - සොනාලි වෙනුවෙන් තවමත් කඳුළු හෙලන උතුම් පෙම්වතෙක්.....

රැදි සිටින්න...ඉතිරිය ඊළඟ කොටසින්...........

Thursday, May 31, 2012

නුඹ මගේ වෙලා....♥

ආදරෙන් බැඳුන දා
මා නුඹෙයි කීව දා...
ඇරඹුනා තවත් එක්
සුන්දරවු ආදර කථාවක්...

දෙඅත් පටලවා
ඇවිද ගිය ගමන් මග...
ආදරෙන් මට ලං වුනා
වෙන් කරන්නට නොහැකි තරමට.....

අපේ අත්වැල් දුරස් කරනට
මාන බැලුවා කවුරු කවුරුත්...
සංසාරේ පුරුද්දකට 
ලංවුනා තව ලංවුනා....

අද මා දකින්නේ
සිහිනයක් නොව සැබෑවක්මය....
මා පැතු සෙනෙහස
මටමමයි අද මගේමයි.....

නෙතු නොපියාම
මා දකින මේ සිහිනයේ,
රැදෙන්න මා අභියසම
මියෙන තුරා ආදරෙන්.....♥♥

ප/ලි
(නිෂ් මේක ලිවුවෙ නිෂුයි නිෂ්ගේ කුමාරයයි එකතු වෙලා අවුරුද්දක් පිරුණ දා...)


Monday, May 28, 2012

තාරුකා...3




තාරුකා 1 කොටස..
තාරුකා 2 කොටස...


සීයා අසනිප උනාට පස්සෙ  කවිඳු  ගැනත් තාරුකා ගැනත් හොයලා බලන්න කවුරුත් උන්නෙ නෑ.චාරුනි නැවත ලංකාවට පැමින තාරුකාවත්  කවිඳු වත් ඔවුන්ගේ පාසලේ නේවාසිකාගාර වල නැවැත්තුවා.ඒ වෙන කොට ළමයි දෙදෙනාම යමක් කමක් තේරෙන වයසේ උන්නෙ..ඒ නිසා චාරුනි පියල් ගැන දරුවන්ට කිවුවා..මුලදි ඔවුන් අකමැති උනත් පසුව තම මව ගැන හිතා ඔවුන් චාරුනිගේ තිරනයට එකඟ උනා.
චාරුනිගේ පියා අසනිපෙන් නිසා චාරුනිගේ පොඩි මල්ලි පියාව භාර ගත්තා.චාරුනි නැවත පිටරට ගියා.
පියලුයි චාරුනියි එහිදි විවාහ උනා...

ටික කාලයක් යද්දි පියල්ගෙන් චාරුනිට දරුවෙක් ලැබෙන්න උන්නා..පියල් කැමති උනේ තමන්ගේම දරුවෙකුට.ඉතින් චාරුනිත් පියලුත් ආශාවෙන් බලන් උන්නා ඒ දරුවා ලැබෙනකන්..චාරුනිට දරුවා ලැබුනා.ඒ දරුවා ගෑනු ලමයෙක් ඔවුන් ඇයට අමා කියලා නම තිබ්බා..ඒ වෙද්දි  කවිඳුවයි තාරුකාවයි චාරුනි ඉන්න රටට ගැනිමට සියළුම ලියකියවිලි බාර දිලයි තිබුනේ...

ටික කාලයකට පසු  කවිඳුගෙයි තාරුකාගෙයි රට යන ගමනත් හරි ගියා.ඒ වෙන කොට ෂෙහාන් සා/පෙ පංතියෙ උන්නෙ.විභාගය ඉවර වෙන කන් ලංකාවේ ඉඳලා තාරුකායි  කවිඳුයි ඔවුන්ගේ අම්මා ඒ කියන්නෙ චාරුනි ලඟට ගියා..

මුලදි පියල්  කවිඳුටයි තාරුකාටයි ආදරෙන් උන්නත් පස්සෙ ඒක ටිකෙන් ටික අඩු උනා..පියල් ඔවුන් දෙදෙනාට කරදර කරන්න පටන් ගත්තා.ඒ මොන දේ උනත් එක බඩවැල කපා ආපු ඔවුන්ගෙ නංගි අමාට තාරුකාත්  කවිඳුත් වෙනස් කමක් කරේ නෑ.චාරුනිත් පියලුත් වැඩට ගියාම අමා උන්නේ  කවිඳුයි තාරුකායි ලඟ..ටික දවසකින් තාරුකාව ඒ රටේ පාසැලකට දැම්මා..තාරුකා ඉගෙනිමට දක්ෂයි. කවිඳුව වෙනත් පාඨමාලාවකට යොමු කරා.

ටික කාලයක් ගත වුනා.පියල්ගෙන් එන කරදර එන්න එන්නම වැඩියි..චාරුනි ආයෙත් අසරන උනා.චාරුනි කල්පනා කලා මේකට කරන්න ඕනෙ මොකක්ද කියලා..චාරුනි බය උනා තමන් ට තමන්ගේ බාප්පගෙන් සිදුවුන දේ පියල්ගෙන් තාරුකාට වෙයි කියලා.තාරුකාගේත්  කවිඳුගෙත් හිතේ පියල් ගැන තරහවක් තිබුනා...ඒ පියල්ගෙන් වෙන කරදර නිසා..අවසානයේ චාරුනි තීරණයකට එනවා.. කවිඳු  පිරිමි දරුවෙක් නිසා ඔහුට සමාජය ගැන ටිකක් හෝ තේරෙන නිසා ඔහුව ඒ රටේම තියා ගෙන ඔහුට රැකියාවක් සොයා දි ඔහුව වෙනත් කාමරයක නැවැත්තුවා..

තාරුකාව නැවත ලංකාවට යවන්න තිරණය කරනවා..චාරුනි තාරුකාවත් අමාවත් රැගෙන ටික දවසකට ලංකාවට යනවා..මොන දේ උනත්  කවිඳු ටත් තාරුකාටත් මෙන් අමාගේ පියාව අමාට නැති කරන්න චාරුනිට හිත දෙන්නෙ නෑ..තමන්ගේ පවුල රැක ගන්න ඕනා නිසාත් තාරුකාගේ අනාගතය ලස්සන කරන්න ඕනා නිසාත් තමයි චාරුනි එහෙම තිරණයකට පැමිනෙන්නෙ.ලංකාවට ගොස් චාරුනි තාරුකාව කන්‍යා සොයුරියන් සිටින කන්‍යාරාමයක තාරුකාව නවත්තනවා.නැවත තාරුකා ඉස්කෝලේ ගමන ආරම්භ කරනවා..
පසුව චාරුනි අමාත් රැගෙන නැවත පියල් ලඟට පැමිනුනා.පියල් ඉන්පසු සෑහෙන්න වෙනස් වුනා.මේ වෙනකන් චාරුනිට අතක් වත් නොඉස්සපු පියල් පොඩි දේටත් චාරුනිට ගහන්න පටන් ගත්තා..චාරුනි ඉවසුවා ගොඩක් ඉවසුවා.ඒ අමා ගැන හිතලා..

තාරුකා පාසැල් වැඩ ඉතාමත් අශාවෙන් කරගෙන ගියා.ඇය ඉතාමත් කිකරු දරුවෙක් නිසා කන්‍යා සොයුරියන් පවා ඇයට ආදරය කරා.ඇය හැමෝගෙම හිත දිනා ජිවත් උනා...තමන්ගේ අම්මාත් අයියත් නැතිව සිටිම දුකක් උනත් ඇය ඒ ගැන නොසිතා ඉගෙන ගත්තා..
කාලේ ගෙවුනා...සා/පෙල හොඳින් සමත් වු තාරුකා විශ්ව විද්‍යාලයට යෑමට තරම් ලකුණු නොගත්තත් උ/පෙල සමත් උනා.

මේ වෙද්දි ඇය ප්‍රාථමික පාසැල් ගුරුවරියක්..ලස්සන තරුණියක්..ඇගේ ආච්චි අම්මා ඒ කියන්නේ චාරුනිගේ මවත් ඇය සමඟ චාරුනි කලකට පෙර මිලදි ගත් නිවසේ පදිංචි වෙලා සිටිනවා..මේ වන විට තාරුකාට විවාහ යෝජනා රැසක් ආවත් ඇය නම් කියන්නේ තමන් අම්මගේ ජිවිතෙන් පාඩමක් ඉගෙන ගත්තා කියලයි..ඒත් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ තාරුකාට චාරුනිට අත් වුන ඉරනම අත් වෙන්න එපා කියලා..

මේ වන විටත් චාරුනි පියල් සමඟයි ඉන්නේ ඒ අමා නිසා..තවටත් චාරුනි දුක් විදිනවා..තාරුකා නිතරම කියනවා අම්මාට ලංකාවට එන්න කියලා.ඒත් අමා පියල්ට ගොඩක් ආදරෙයි පියල් පවා එහෙමයි.ඒ නිසා ඇය ඉවසගෙන පියල් සමඟ ජිවත් වෙනවා..
කවිඳුත් දැන් සල්ලි යහමින් තියෙන තරුණයෙක්.ලඟදිම ලංකාවට එනවා විවාහ වෙන්න..
-----------------------------------------------------------------
ප/ලි =

  • දැන් කට්ටිය හිතනවා ඇති මේ මගේ ජිවිත කථාව කියලා..නෑ මේ මම දන්න කියන කෙනෙක්..

  • ජිවිත කථාවක් මේ තරමට පොඩියට ලියන්න බෑ..දිග වැඩි නිසා ප්‍රධාන තැන් පමනයි ලිවුවේ..

  • මේ කථාවෙ තාරුකාට වඩා චාරුනි ගැන සඳහන් උනත් තාරුකා ජිවිතේ ජයගත් තරුනියක් නිසයි මන් මේ කථාවට තාරුකා කියලා නම දැම්මේ.

  • තාරුකාගේ කථාවේ චාරුනි දිගටම තාරුකාව තමන් ලඟ තියා ගත්තා නම් ඇගේ කථාව මේ විදියට නෙමෙයි අවසන් වෙන්නෙ..

  • මේ කථාව ලියන්න හිතුනේ  අපි අතර ගොඩක් දෙනෙක් ඉන්නවා මේ වගේ අසරන උන..මේ කථාවෙන් පුංචි දෙයක් හරි තමන්ගේ ජිවිතයට ගත්තා නම් මම සාර්ථකයි..

  • අපේ ජිවිත වල අපි ගන්න සුළු සුළු තීරණ නිසා අපේ මුළු ජිවිතේම අඳුරු වෙන්න පුළුවන්..
මේ කථාවෙ ඉන්න සියළුම දෙනා අදටත් ජිවත් වෙනවා.කථාව ඇත්ත උනත් නම් ගම් වෙනස් කරා..මේ කථාව නිසා ඔවුන්ට කිසිම හානියක් නොවෙයි කියලා මන් බලාපොරොත්තු වෙනවා..

මාත් සමඟ රැදි සිටි ඔබ සැමට ස්තුතියි...


Saturday, May 26, 2012

තාරුකා...2




තාරුකාගේ කථාවේ 1 කොටසට මෙතැනින් යන්න...තාරුකා..1 .


ඇන්ටනි රෑ දවල් නැතිව රැකියාවක් සොයනවා.දැන් දින හතරක් ගෙවුනා.චාරුණි ඇන්ටනිගෙන් පනිවිඩයක් බලාගෙන ඉන්නවා.ඇන්ටනිට අධ්‍යාපන සුදුසුකම් නැති නිසා රැකියාවක් සොයා ගැනිමට අපහසුයි.අවසානයේ ඔහුට රැකියාවක් ලැබෙනවා.ඒ මිතුරෙකුගේ ගරාජයක..උන්නු හැටියට මේකත් හොඳයි කියලා ඇන්ටනි  දවසේ පඩියට රැකියාව කරන්න පටන් ගන්නවා.
                   සති දෙකක් ගත උනා.ඇන්ටනිගේ අතේ මුදල් ටිකක් තියෙනවා ඇන්ටනි චාරුනිට පනිවිඩයක් යවනවා.පසුවෙනිද එනවා කියා.චාරුනිත් ඇදුම් පැලදුම් දෙකතුනකුත් පාසැල් බෑගයේ දමා ගෙන එදින පාසැල් එනවා.බස් නැවතුමේ ඇන්ටනිව චාරුනි දකිනවා.බස් රථයෙන් බැස ඇන්ටනිත් සමඟ වෙනින් බසයක නැඟ ඇන්ටනිලගේ ගෙදර යනවා.ඒ වෙද්දි ඇන්ටනි තම දෙමාපියන්ව දැනුවත් කරලා තිබුනේ.චාරුනිව ඒ දෙමාපියන් ආදරෙන් පිලිගත්තා.
ටික දිනක් ගෙවුනා.ඔවුන් දෙපල සතුටින් ආදරෙන් උන්නා.චාරුනිගේ තාත්තලත් චාරුනිව හොයලා හොයලා බැරිම තැන හිත හදා ගත්තා.ඔය අතර තුර චාරුනිට දරුවෙක් ලැබෙන්න ආවා.එතකොට චාරුනිට යන්තම් දහ අට ලැබුවා විතරයි.මේ වෙලාවේ හැටියට අමාරුකම් තිබුනත් ඔවුන් ඒ දරුවව හදා ගන්න තීරණය කලා..ඔවුන්ට ලැබුනා ලස්සන පුතෙක්..ඔවුන් දරුවට කවිඳු කියලා නම තිබ්බා..ඒ අතර තුර ඇන්ටනිට පිටරට යන්න මාර්ගයක් උදා උනා.ටික ටික චාරුනිගේ දෙමාපියනුත් කථා කරන්න ගත්තා..

මොන දේ උනත් ඇන්ටනි චාරුනිලගේ දෙමාපියන්ගෙන් උදවු බලාපොරොත්තු උනේ නෑ.දරුවෙකුත් ඉන්න නිසා වෙනදා වගේ නෙමෙයි.වියදම් වැඩියි.ඒ නිසා ඇන්ටනි රට යන්න තිරණය කලා. කවිඳු ට ඒ වෙද්දි අවුරුද්දක්.ඇන්ටනි රට ගියා.ඇන්ටනිගේ තාත්තයි අම්මයි දවාලෙට නිවසේ නැති නිසා චාරුනියි දරුවයි තනියම.සරෝජනි ඒ වෙද්දි රැකියාවකට වෙනත් ප්‍රදේශයකට ගිහින් තිබුනා.ඒ නිසා චාරුනිවයි දරුවා වයි චාරුනිගේ පුංචි අම්මා ඒ කියන්නෙ චාරුනිගේ අම්මගේ නංගි එයාගේ ගෙදර එක්කන් ගියා.
පුංචි අම්මට දරුවෝ නෑ.බාප්පයි පුංචයි විතරයි ඒ ගෙදර උන්නෙ.බාප්පා තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන ගියා.ඇන්ටනිත් චාරුනිට සතියට දෙතුන් පාරක් පමණ කථා කරනවා.වියදමට සල්ලිත් එවනවා.

දිනක් පුංචි අම්මා හදිසියකට එලියට ගියා.එදින බාප්පයි චාරුණියි දරුවයි විතරයි ගෙදර උන්නේ.එදින කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ උනා.චාරුණිගේ බාප්පා අතින් චාරුණි අනාථ උනා.ඒ චාරුණිගේ කැමැත්තතෙන් නෙමෙයි.එදින චාරුනි නැවත දරුවත් රැගෙන ඇන්ටනිගේ ගෙදර ගියා.ඇන්ටනිට සියළුම විස්තරේ කිවුවා.ඉන් පසුව ඇන්ටනි හදිසි නිවාඩුවක් ඉල්ලලා ලංකාවට ආවා.ටික දවසක් යද්දි චාරුනිට නැවතත් දරුවෙක් ලැබෙන්න.ඇන්ටනිත් චාරුනිත් හොඳටම දන්නවා මේ ලැබෙන්න යන දරුවා ඇන්ටනිගෙ නෙමෙයි කියලා.අනිත් හැමෝම හිතුවේ ඒ ඇන්ටනිගේ දරුවෙක් කියලා.ඒත් ඇන්ටනි ඒ දරුවා වත් භාර ගන්නවා.
චාරුනිට දරුවා ලැබෙන්න කලින් නැවත ඇන්ටනි රට යනවා.ඒ චාරුනිවත් ළමයි දෙන්නවත් ඒ රටට ගන්නවා කියලා පොරොන්දු වෙලා....

ටික දවසකින් චාරුනිට දෙවනි දරුවත් ලැබුනා.ලස්සන හුරුබුහුටි කෙලි පොඩ්ඩක්.ඇයගේ උප්පැන්නේ පියාගේ නමට ඇන්ටනිගේ නම ඇතුල් කරා.චාරුනි ඇයට තාරුකා කියලා නම තිබ්බා..චාරුනියි දරුවො දෙන්නයි උන්නෙ ඇන්ටනිගේ ගෙදර..ඔය අතර තුර ඇන්ටනි චාරුනිට දුරකථන ඇමතුම් දෙන එක එන්න එන්නම අඩු උනා...වියදමට සල්ලි එවුවෙත් නෑ..ආයේ චාරුණි අසරන උනා.ඇයට පිහිට වෙන්න කවුරුත් නෑ.ඇන්ටනිගේ දෙමාපියනුත් වයසයි.රැකියා කරන්නෙත් නෑ.සරෝජනි තමයි ඒ දෙන්නවත් බලා ගත්තේ.ඒත් චාරුනිටයි දරුවො දෙන්නටයි වියදම් කරන්න තරම් වැටුපක් ඇයට ලැබුනේ නෑ..අවසානයේ චාරුනි දරුවොත් රැගෙන ඇගේ පියාගේ නිවසට ගියා.ඒ වෙද්දි චාරුනිගේ ලොකු මල්ලි විවාහ වෙලා ඔහුගේ බිරිඳගේ නිවසේ පදිංචි වෙලා.පොඩි මල්ලියි තාත්තයි විතරයි උන්නේ.අම්මා රට...
කාලේ ගෙවිගෙන ගියා.ඇන්ටනිගෙන් ඇමතුම් නැත්තටම නෑ.දරුවොත් ලොකුයි.වියදමුත් වැඩියි.බැරිම තැන චාරුනිත් රට යන්න තිරණය කලා.පසුව චාරුනිගේ අම්මට තම අදහස කිවුවා.චාරුනිට රට යන්න සියළුම දේ අම්මා ලැහැස්ති කරා. කවිඳු  චාරුනිගේ තාත්තා ලඟත් තාරුකා චාරුනිගේ ලොකු මල්ලි භාර ගන්නත් කැමති උනා.ඒ වෙද්දි චාරුනිගේ ලොකු මල්ලිටත් දරුවො උන්නෙ නෑ.චාරුනි ඇගේ අම්මා ලඟට ගියා.ඒ කියන්නේ පිට රට.
ලොකු මල්ලිගේ බිරිද තාරුකා ව ආදරෙන් බලා ගත්තා. කවිඳු ත් දැන් ඉස්කොලෙ යනවා තාරුකා පෙර පාසැලේ.චාරුනිත් රට රැකිවක් කරලා හැම මාසෙම වියදම් එවනවා..ඒ අතරතුර ඇන්ටනිගේ වෙන සම්බන්දයක් ගැන චාරුනිට ආරංචි වෙනවා.පසුව ඇය ලංකාවට පැමිණ දික්කසාද නඩු දමනවා.
                                                දෙදෙනාගේම කැමැත්ත මත ඒ දෙදෙනාට දික්කසාදය ලැබෙනවා.ඇන්ටනි දරුවන්ට නඩත්තු මුදල් දීමට එකඟ වුනත් චාරුනි එය ප්‍රතික්ෂේප කලා.පසුව නැවතත් චාරුනි රට රැකියාව සඳහා පිටත් වුනා.


චාරුනි තවම තරුනයි ලස්සනයි හැමෝම කිවුවා ඇයට තව කසාදයක් කර ගන්න කියලා..ඇය එයට කැමති වුනේ නෑ.ඇය රැකියාව කර එකතු කර ගත් මුදල් වලින් ගෙයක් ගත්තා..ඒ වෙද්දි චාරුකාගේ ලොකු මල්ලිගෙ බිරිඳට දරුවෙක් ලැබිලා..තාරුකාට වෙනස් කම් කරන්න පටන් ගන්නවා.ඒ වෙද්දි තාරුකා හතරෙ පංතියේ.තාරුකාට එතැන ඉන්නම බැරි තත්ත්වයක් උදා උනා.පසුව ඇය චාරුනිට ඒ බව පැවසුවා.පසුව චාරුනි තාරුකා වත් සියා ලඟ නැවැත්තුවා. කවිඳුත් තාරුකාත් එකට පාසැල් ගියා..ඒ වෙද්දි චාරුනිගේ ලොකු මල්ලිත් විවාහ විමටයි සිටියේ....

ටික කලක් ගෙවුනා.චාරුනිට තමන් ඉන්න රටේ සිටින තවත් ලාංකිකයෙක් මුන ගැසුනා.ඔහු පියල්.ටික කාලයක් ආශ්‍රය කරද්දි ඒ දෙදෙනා පෙම්වතුන් උනා.ඒ වෙන කොට පියල් චාරුනි පිළිබද සියළු දේ දැනගෙන උන්නෙ.(තම බාප්පාගෙන් චාරුනි අනාථ උන බව හැර)පියල් ඇයව භාර ගන්න කැමති උනා.ඇය තමන්ගේ දරුවො දෙන්නට පණටත් වඩා ආදරේ කලා.ඔවුන් ගැන හිතලයි නැවත කසාද බදින්නත් හිතුවේ.චාරුනිගේ පොඩි මල්ලිත් විවාහ වුනා.ඔහුත් ඔහුගේ බිරිඳත් වෙනම පදිංචියට ගියා..
    දැන් තාරුකායි  කවිඳු යි සියයි විතරයි ගෙදර උන්නෙ.ඒ අතර තුර  තාරුකා වැඩිවියට පැමිනුනා.ඒත් සමඟම වාගේ තාරුකාලගේ සියා අසනිප උනා..


තාරුකාටත් කවිඳුටත් ඊලඟට මොකද වෙන්නේ...?
තාරුකා 3 වන කොටසින් බලාපොරොත්තු වන්න..


Thursday, May 24, 2012

තාරුකා...


තාරුකා කියන්නේ ලස්සන ගෑනු ලමයෙක්..එයා මේ ලෝකෙට එන්න කලින් ඉඳලම එයාට උනේ අසාධාරනකම්.දෛවය කොච්චර එයාට අසාධාරණකම් කලත් ඇය ඒවට නොසැලි මූණ දුන්නා.දැන් ඇය ප්‍රාථමික පාසැල් ගුරුවරියක්.මේ ඇගේ කථාවයි..
(නම් ගම් වෙනස් කරාට මෙය සත්‍ය කථාවක් මේ කථාවේ චරිත අදටත් අපි අතරම ඉන්නවා.....)

------------------------------------------------------------------------------

චාරුණි කියන්නේ පිරිමි සහෝදරයින් දෙදෙනෙකු මැද හැදෙන සැපවත් ජිවිතයක් ගතකරන යෞවන වයසේ  දැරියක්.පවුලට සිටින එකම ගෑණු දැරිවි නිසා හැමෝම එයාට ආදරය කලා.චාරුනිත් සතුටින් කාලය ගත කලා.චාරුනිගේ අම්මා උන්නේ පිටරටක.නිවසේ වැඩ කටයුතු සඳහා කාන්තාවක් පැමිනියා.
සරෝජනි කියන්නෙ චාරුණිගේ උසස් පෙල පංතියේ සිටින ඇයගේ ලඟම මිතුරියයි.ඇය  දෙමල තාත්තා කෙනෙකුටයි සිංහල අම්මා කෙනෙකුටයි දාව ඉපදුන කෙනෙක්.දවසේ කුලියට කුලි රස්සාවට යන පියා තමයි ඒ පවුලේ සම්පුර්ණ වියදම දැරුවේ.ඇගේ අම්මත් ඉද හිට අහල පහල ගෙවල් වල පොඩි පොඩි වැඩ කරලා කියක් හරි උපයා ගත්තා.ඇයට තව අයියා කෙනෙක් උන්නා.ඔහු නමින් ඇන්ටනි.ඔහු තරුණ වියේ පසුවන ඉලන්දාරියෙක්.එනමුදු කිසිඳු රැකියාවක් කලේ නෑ.
චාරුණිගෙයි සරෝජනිගෙයි යාළුකමට ජාතිය ආගම ප්‍රශ්නයක් උනේ නෑ.සරෝජනිට නැති බැරි වෙලාවල් වලදි හැම උදව්වක්ම කරේ චාරුණියි.ඉතින් කාලයත් ගෙවිගෙන යනවා.. 
 කොච්චර පිරිමි ලමයි චාරුනිගේ ආදරය පතා ගෙන ආවත් ඇයගේ හිත නැවතුනේ ඇන්ටනි ලඟ..ඒ කියන්නේ සරෝජනිගෙ අයියා.
            ඇන්ටනි එයාලගේ අම්මා වගේ.ඔහුට තිබුනෙ සිංහල පෙනුමක්.සමත් පැහැපත් සරෝජනි තාත්තා වගේ තලෙලුයි.සෑම දිනයකම ඇන්ටනි චාරුනි බලන්න පාසල ලඟට ආවා.

ටික දවසකින් ඔවුන් පෙම්වතුන් උනා.කාලේ ගෙවිගෙන යනවා.ඔවුන් නිතරම වගේ මුණ ගැසුනා.කථා බහ කලා..ඔවුන්ගේ ආදරයට ජාති බේද බාදාවක් උනේ නෑ.අවුරුද්දක් පමණ ගෙවුනා.චාරුනිගේ ගෙදරට මේ සම්බන්දේ ගැන ටික ටික ආරංචි උනා.
දිනක් ඔවුන් දෙදෙනා කථා කර කර ඉද්දි චාරුනිගේ තාත්තා එතැනට ආවා.ඒ වෙලාවෙ නම් චාරුණි ගොඩක් බය උනා.තාත්තා ඇවිත් චාරුනිගේ කම්මුලට පාරක් ගසා ඇන්ටනිටත් ගසා චාරුනිව ඇදගෙන ගොස් මෝටර් රථයට නග්ගවාගෙන ගියා.ඇන්ටනිට සිතා ගැනිමට නොහැකි උනා මොකක්ද උනේ කියලා.ඔහු ටික වෙලාවක් එතැන රැදි ගෙදර ගියා.ඔහුටත් දුකයි.
චාරුනිගේ තාත්තා ඇයට ගොඩක් ආදරෙයි.තාත්තා ඇයගෙන් ඇන්ටනි පිලිබද සියළු විස්තර ඇසුවා.ඔහුට තරහා ගියා ඇන්ටන් දෙමල කියලා දැන ගත්තම.ටික දවසක් ඇයව පාසැල් නොයවා ගෙදර තියා ගත්තා.ඒ මොන දේ උනත් ඒ දෙන්නාගේ හිත් වල තිබුන ආදරේ නම් අඩු උනේ නෑ.චාරුනිටත් ඇන්ටනිටත් දෙන්නට දෙන්නා නැතිව බැරි උනා.ඒ දෙන්නම දැනගෙන උන්නා මේ ප්‍රශ්නෙට මූණ දෙන්න තියෙනවා කියලා.
                               ටික දිනක් ගතවුනා.චාරුනිට නැවතත් පාසැල් යන්න වරම් උදා උනා.එදින චාරුනි සරෝජනි අතේ පනිවිඩයක් යැවුවා ඇන්ටනිට පසුවදාට වහාම ඇයව මුන ගැසෙන්න කියා.සරෝජනි ඒ බව ඇන්ටනිට කිවුවා.
                                               චාරුනි එදින පාසැල් ඇදුමින් ගෙදරින් ආවත් ඇය පාසැල් ගියෙ නෑ. කලින් දින සරෝජනිට කිවු පරිදි ඇන්ටනි ඇවිත් උන්නා.චාරුනිට උවමනා වුනේ ඇගේ දුක ඇන්ටනිට කියන්නයි.චාරුනියි ඇන්ටනියි බස් රථයකට නැග ඇන්ටනිගේ ගෙදරට ගියා.ඇන්ටනිගේ හිතේ තිබුනෙ හරිම පිරිසිදු ආදරයක්.චාරුනිට නරකක් කරන්න ඒ හිතේ කොතැනකවත් අදහසක් තිබුනෙ නෑ.එදින ඇන්ටනිලගේ ගෙදර කිසිවෙක් උන්නෙ නෑ.තාත්තා වැඩට ගිහින් අම්මත් එලියට ගිහින්.සරෝජනිත් ඉස්කෝලේ ගිහින්.ගෙදර උන්නේ ඇන්ටනියි චාරුනියි විතරයි.චාරුනිලාගේ ගෙවල් වගේ සැප සම්පත් වලින් පිරුන ගෙයක් නෙමෙයි ඒක..ඒත් චාරුනිගේ ආදරේට ඒ එකක්වත් භාදාවක් උනේ නෑ.චාරුනි ඇන්ටනි ලඟ අඬා වැලපුනා ඇයට ගෙදර යන්න බෑ කියලා.ඒත් ඇන්ටනිට පුළුවන් කමක් තිබුනෙ නෑ ඇයව ගෙදර නවත්වා ගන්න.මොකද ඒ වෙද්දිත් ඇන්ටනිට රැකියාවක් තිබුනෙ නෑ.ඇන්ටනි ටික දවසක් ඇගෙන් ඉල්ලුවා.ඇන්ටනිලාගේ ගෙදරින් මේ සම්බන්දෙට අකමැති වෙන්නෙ නෑ කියලා ඇන්ටනි දන්නවා.ඇන්ටනිගේ අම්මා හරි අහිංසක කෙනෙක්.තාත්තා උනත් එහෙමයි වැඩි කථා බහක් නෑ.ඒ උනත් මේ තත්ත්වෙන් චාරුනිව ගෙදර තියා ගන්න බෑ....
                                  ඇන්ටනි චාරුනිට කිවුවා රැකියාවක් සොයා ගන්නකන් වත් ඉවසන්න කියලා.එදින ඇගේ හිත හදලා හදලා ඇයව ගෙදර යැවුවා.ඇන්ටනි දහ අතේ කල්පනා කලා මොකද කරන්නෙ කියලා..ඇයව ඔහුට ඕනේ.ඇයට පණටත් වඩා ආදරෙයි.කොටින්ම කිවුවොත් ඇයත් සමඟ සම්බන්දෙ පටන් ගත්තායින් පසුව ඔහු පරන පුරුදු සියල්ලක්ම නැවැත්තුවා..යාළුවෝ එක්ක මත්පැන් පානය කරන එක,රස්තියාදු ගසන එක.එහෙත් ඔහුට රැකියාවක් සොයා ගැනිමට කලින් උවමනා උනේ නෑ.එහෙත් දැන් නම් කොහෙන් හෝ රැකියාවක් සොයා ගත යුතුමයි.    

ඇන්ටනිට රැකියාවක් ලැබෙයිද..? ඇන්ටනි චාරුනිව එක්කාගෙන යයිද..?
තාරුකා 2 කොටසින් බලාපොරොත්තු වන්න....

( තාරුකාගේ කථාව එක කොටසින් ඉවර කරන්න හිතුවත් ලියාගෙන යද්දි දිග වැඩි උනා වගේ..ඒ නිසා කොටස් තුනකින් ඉදිරිපත් කරන්නම්...)



--------------------------------------------------------------------------------


Tuesday, May 22, 2012

කියා දෙන්න මේ ආදරේද...?

සඳ කුමරුන් වැඩියා සේ
මගේ ලොවම එළිය වෙලා....
සිත්තම් ඇඳි මගේ හදේ 
     නොමැකෙන සිතුවමක් වෙලා.....
කිසි දිනයක නොවුන ලෙසට
මගේ හිතම උමතු වෙලා.....
නොදැනේ මේ ආදරේද
     කියා දෙන්න තව ලංවෙලා...♥♥

Monday, May 21, 2012

සම්මුඛ පරික්ෂනයට ගිය හැටි....

මං ඉන්න රටේ මේ කාලේ තාමත් සීතල නිසා උදේට නැගිටින්න ගියාම මරන්න ගෙනියන්න හදනව වගේ තමයි නැගිටින්නෙ..එලාර්ම් එක තියලා නිදාගෙන උදේට එලාර්ම් එක වැදුනම ඒක ඕෆ් කරලා අයේ පැය කාලකින් නැගිටින්න වෙලාව තියෙනවා.ඔහොම දෙතුන් පාරක් කරලා තමයි නැගිටගන්නෙ.
ඉතින් කොහේ හරි යන්න ඕනා උනාම අන්තීම මොහොතේ තමයි ලෑස්ති වෙන්නෙ.ඉතින් අම්මගෙන් බැනුම් අහගෙන තමයි නැගිටලා ලෑස්ති වෙන්නේ..

ඉතින් මේ සිද්ධිය දැන් ටිකක් කල්.මට සම්මුඛ පරික්ෂනයක් තිබුනා උදේ 8ට.ඊට කලින් දා රෑ මන් එලාර්ම් එක උදේ 6ට තියලා නිදා ගත්තා.ඔන්න එලාර්ම් එක වැදුනා.මන් නැගිටලා ඒක ඕෆ් කරලා ආයේ 6.15 තිබ්බා.ඒකත් වැදුනම ආයේ 6.30ට තිබ්බා.මේ රටවල් වල බස් නම් විනාඩි 5න් 5ට වගේ තියෙනවා.ඉතින් මගේ ගමනට බස් රථ දෙකක යන්න ඕනේ.විනාඩි 20 ගමනක්.
ඉතින් 6.30 එලාර්ම් එකත් වැදුනා.දැන් නම් මන් නැගිට්ට.පැය 1/2න් ලෑස්ති උනා.කලින් දවසේ ඇඳුම් එහෙම අයන් කරලා තිබුන නිසා අවුලක් උනේ නෑ.දැන් ලෑස්ති වෙලා අම්මටත් කියලා එලියට ආව.බස් හෝල්ට් එක අපේ ගෙවල් හරියෙමයි.ඉතින් එතනට ගිහින් විනාඩි 4න් බස් එක ආවා.ෂිට් එකකුත් හම්බුනා මන් ඉදගෙන ගියා.ඒ බස් එකේ ගිහින් බහින්න ඕනේ ඒ බස් එක ගිහින් නවතින අන්තිම හෝල්ට් එකේ.එතනින් තමයි අනිත් බස් එක ගන්න ඕනේ.ඔන්න මන් ගිය බස් එක ගිහින් අන්තිම හෝල්ට් එකට කලින් හෝල්ට් එකේ නැවැත්තුවා.ඒ පාර බස් එකේ ඩ්‍රයිවර් කෑ ගහනවා මෙතනින් එහාට බස් එක යන්නෙ නෑ කියලා..
මදැයි දැන් ඉතින් බැහැපන්කො...මාත් බැහැලා ඊලඟ හෝල්ට් එකට පයින් ආවා.මේ රටවල් වල ලංකාවේ බස් වගේ තැන් තැන් වල සෙනඟ උන්නා කියලා නවත්තන්නෙ නෑ.ඒ වගෙම එක හෝල්ට් එකක ඉඳලා අනිත් එකට යන්න මහා දුරකුත් නෑ.හැම හෝල්ට් එකකම එක බස් එකක් ගියාම ඊලඟ බස් එක එන්නෙ කොච්චර වෙලාවකින්ද කියලා මිනිත්තු ගානත් දාලා තියෙනවා.
ඔන්න මාත් දැන් පාරෙන් මාරු වෙලා අනිත් හෝල්ට් එකට යන්න ආවා. ඊලඟ බස් එක ගන්න.ඒත් එක බස් එකක්වත් පේන තෙක් මානෙකවත් නෑ.යන්කෝ බලන්න ගියා හෝල්ට් එකට.බස් එකේ නම්බර් එක දාලා ඒත් වෙලාව දාලා නෑ.විනාඩි 10ක් විතර උන්නා ඒත් නෑ..දැන් 7.30 වෙලාව.තව පැය 1/2 යන්නත් ඕනේ.

මන් පයින් ආවා හෝල්ට් 3,4ක් පහු කරන් ඒත් නෑ.වෙලාවක් දාලත් නෑ..ටික දුරක් ආවා..මෙන්න බොලේ රේස් එකක්..වාහනත් නෑ.කෙල්ලන්ගෙ රේස් එකක්..අයියෝ ඒ නිසා තමයි බස් නැත්තේ
දැන් ඉතින් මොනා කරන්නද පයින් යන්න වෙලාවත් මදි.සම්මුක පරික්ෂනේට යන්නත් එපැයි.ඕන දෙයක් කියලා පයින් ආවා.8ත් පහුවෙලා.මේ රටවල් වල වෙලාවක් කිවුවොත් ඒ වෙලාවටම යන්න ඕනේ.ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ.කොහොම හරි මන් අදාල ස්ථානයට පයින්ම ගියා.විනාඩි 35ක් ප්‍රමාදයි.ගිහින් බෙල් එක ගැහුවා..දොර ඇරියා..මන් ඇතුලට ගියා..
පරික්ෂක- නම මොකක්ද?
මම- නිෂ්
පරික්ෂක-නිෂ් මොකද පරක්කු දන්නවනේ වෙලාවට සම්මුඛ පරික්ශන වලට ඉන්න ඕනෙ කියලා දැන් ඔයා පැය 1/2 ප්‍රමාදයි
මම- සමාවෙන්න සර් අද බස් තිබුනෙ නෑ.මන් ^%% ඉදලා පයින් ආවේ..
පරික්ෂක-හරි වාඩිවෙන්න

අවුලක් උනේ නෑ වැඩේ ගොඩ..අම්මේ මගේ වෙලාවට.

ඒත් එදායින් පස්සේ මම හිතා ගත්තා කොහේ හරි යන්න තියෙනව නම් අඩුම තරමේ පැය 2කට කලින් වත් ගෙදරින් එන්න ඕනා කියලා..
එදා ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් කෝටියයි..මන් මට නෙමේ වගේ උන්නා..ඇයි මගෙනෙ වැරුද්ද...

ඔන්න ඔහොමයි මන් සම්මුඛ පරික්ෂනේට ගියේ.....












Saturday, May 19, 2012

අපි බඳිමු...

මුහුද ඉර ගිලගන්න ඔන්න මෙන්න..ඇය ඔහුගේ උරහිසේ ඔළුව තියගෙන ඉර මුහුදට ගිලෙන හැටි බලන් උන්නා...ඔහු ඇයගේ සියුමැලි ඇඟිලි තම රළු ඇඟිලි වලින් පටලවාගෙන..මුහුදු වෙරලේ සිටින දාහක් දෙනා ඔවුන් දෙදෙනා දෙස බැලුවත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ලෝකෙක...

ඔහු- අපි බඳිමු...
ඇය- හා..ඒත්
ඔහු- ඇයි ඒත්?
ඇය- ම්හුහු..නිකන්..
ඔහු- නෑ කියන්න...ඇයි ඒත් කිවුවෙ..?
ඇය- එතකොට අම්මලා..
ඔහු- රැවුලයි කැඳයි බෑ..රැවුල නම් රැවුල කැඳ නම් කැඳ..
ඇය- ඒත් මට දෙකම ඕනේ..
ඔහු- එහෙනම් මාව අත අරින්න..
ඇය- මන් මැරෙයි..
(ඇය හෙමින් ඉකි ගසයි)

ඔහු- එහෙනම් අම්මලව...
ඇය-එයාලා අපිට ශාප කරයි...
ඔහු- අම්මලා එහෙම නෑ ටික දවසකින් හරි යයි...
ඇය- නෑ මන් හිතන්නෙ නෑ..අපෙ අම්මලා කිවුවොත් කිවුවා..
ඔහු- ඔයා වගේ....
ඇය- හ්ම්ම්...මන් වගේ තමයි..අපි කාලෙට ඉඩ දෙමු..
ඔහු- කොච්චර කාලයක් ද..
ඇය- අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් දවසක් එනකන්..
ඔහු- එහෙම දවසක් එයිද..
ඇය- අම්මලාට තේරෙයි..මට ඔයා නැතිව බෑ කියලා....
ඔහු- කවදද..?
ඇය- කවදා හරි..
ඔහු- අපි නාකි වෙයි... 
ඇය- කමක් නෑ..අපි එකතු වෙනව නම්.... 
ඔහු- අපිට ලමයි හදන්න බැරි වෙයි..
ඇය- අපි දෙන්නට අපි දෙන්න ඉන්නෙ...
ඔහු- ඒත් අපෙන් පස්සෙ පැවැත්මක් නැති වෙයි නෙ..
ඇය- ඔයාට පුළුවන්ද මාව අමතක කරන්න..
ඔහු- මැරුවත් බැරි වෙයි...
ඇය..හ්ම්ම්...දැන් හොඳටම හවස් උනා අපි යන්..
ඔහු ඒත්... ඒත් මගේ ප්‍රශ්න තාම එහෙම්මමයි නේ..
ඇය- අපි හෙට කථා කරමු..
ඔහු- හෙට හෙට හෙට..කවදද ඔය හෙට උදා වෙන්නෙ..
(ඔහු කෑ ගසයි)
ඇය- තරහ ගන්න එපා ඉතින්
ඔහු- ම්හු නෑ..හැමදාම උනේ ඔය ටිකනෙ.....
කොච්චර බලන් උන්නත් ඔච්චර තමයි...

ප/ලි
මේ සිද්ධිය නිෂ්ගෙ ජිවිතයට සම්බන්ධ දෙයක් නම් නෙමෙයි...ගොඩක් තැන්වල වෙන්නෙ මේ දේ...නිෂ්ටත් මේ වගෙ ප්‍රශ්න ගොඩක් ආවා...ඒ උනත් අන්තිමෙදි  නිෂ්ගෙයි නිෂ්ගෙ කුමාරයගෙයි  ආදරේ කොහොම හරි ජය ගත්තා....

ග්‍රිස් යකා...

අපේ පුංචි ඈයෝ කෑම කන්න ටිකක් හොරයිනෙ.ඉතින් අම්මලා එක එක ජාති පෙන්නලා, කථා කියලා තමයි බබාලට කෑම කවන්නේ..
ඉස්සර අපේ අම්මා අපිට කෑම කවලා තියෙන්නෙ කෑම කෑවෙ නැත්තම් ගෝනි බිල්ලා අල්ලන් යයි කියලා.දැන් බබාලා ගෝනි බිල්ලන්ට බය නෑනේ.ඉතින් මේකත් ඔය වගේ සිද්ධියක් තමයි.
අපේ සෙනුර (අයියගෙ පුතා) ඉන්නවනේ.එයත් ටිකක් කෑම කන්න හොරයි.ටිකක් කිවුවට කන්නෙම නැති තරම්.අපේ මම්ම තමයි එයාව බලා කියාගන්නේ.සෑහෙන්න දේවල් කියලා තමයි බත් කටවල් දෙක තුනක් වත් කවාගන්නේ.ඒකටත් වරුවක් විතර යනවා.
ඉතින් ඔය පහුගිය දවස් ටිකේ ග්‍රිස් යක්කු ගැන සෑහෙන්න කට කතා තිබුන කාලයක්නේ.දවසක් පුතාට රෑට කෑම කවන්න පටන් ගත්තලු.කොල්ලා කන්නෙම නෑලු.මම්මත් එක එක ජාති කිය කිය කෑම කවන්න ට්‍රයි එකලු.ඔන්න ඒ වෙලාවෙම සතෙක් කෑ ගහන සද්දයක් ආවලු.
කොල්ලා මම්මගෙන් ඇහුවලු, ඒ මොකෙද්ද මම්මෙ කියලා.මම්මා ගත් කටටම කිවුවලු, ඒ තමයි පුතේ ග්‍රිස් යකා ඔය කෑ ගහන්නෙ බඩගිනි වෙලා.ඔයා කෑවෙ නැත්තම් ඔයාවත් අල්ලන් යයි කියලා.කොල්ල බය උන පාරට සේරම කෑම කෑවලු.

කොහොමින් කොහොම හරි ග්‍රිස් යකාට පින් සිද්ධ වෙන්න දැන් නම් කොල්ල කෑම ටිකක් කනවලු.

ප/ලි - ඔයාලගේ බබාලත් කෑම කන්නෙ නැත්තම් මේ ක්‍රමය අද්හදා බලන්නකෝ :)


Friday, May 18, 2012

මං චූටි බබා සහ පූස් පැටියා....

මේ සිද්ධිය උනේ මම බහරේන් රටේ ඉදලා ලංකාවේ අපේ ගෙදරට ආපු මුල් කාලේ වගේ.ඒ කියන්නෙ මන් චුටි බබා කාලේ.අපේ ගෙදර උන්නා පූස් පැටියෙක්.පැටියෙක් කිවුවට පැටියෙක්ම නෙමෙයි.පූසෙක්.
ඔන්න දවසක් මන් පුසත් එක්ක සෙල්ලම් කර කර උන්නලු.
ටික වෙලාවකින් අම්මලා පුසව බලද්දි පුසා නෑලු.ඉතින් අම්මලත් කොහේ හරි ඇති කියලා හිතාගෙන අම්මලගේ වැඩ කර කර ඉඳලා.
හවස් වෙලා අපේ මම්මා(අම්මගේ අම්ම) රෑට උයන්න එළවළු ගන්න ෆ්‍රිජ් එක ඇරලා.එක පාරම මොකෙක්ද මන්දා ඒකෙ ඉදලා පැනලා දුවලා ගිහින් දර ලිප තියෙන දිහාවට.අම්මලා ගිහින් බලලා.අනේ අපේ ගෙදර උන්නු පූසා.මන් පූසත් එක්ක සෙල්ලම් කර කර ඉදලා ඌව අරන් ෆ්‍රිජ් ඇතුලට දාලා.
ඔන්න එදා නම් පූසගේ වාසනාවට පූසා බේරුණා.
කොහොමද මන් චූටි බබාගේ වැඩ....

ඉංග්‍රිසි පංතිය නැවතුන හැටි...

මේ සිද්ධිය වෙනකොට මම 6 වසරේ.ඒ වෙනකොට ආදරෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑනේ.ආදරෙ කියලා දන්නේ අපේ අම්මට තාත්තට තියන ආදරෙනේ.
අපේ පාසල බාලිකා පාසලක්.ඒ කාලෙදි අපේ පංතිවල මිස් ලා කියනව අපේ ඉස්කෝලේ අක්ක කෙනෙක් කා එක්ක හරි යාළුයි නම් මිස්ලට ඇවිත් කියන්න කියලා.අපිටත් තේරෙන්නේ නෑනේ.අක්කා කෙනෙක් අයිය කෙනෙක් එක්ක කථා කර කර උන්නමත් අපි ඇවිත් මිස්ලට කියනවා අහවල් අක්ක අයියා කෙනෙක් එක්ක අහවල් තැන කථා කරා කියලා.
ඉතින් ඒ වෙද්දි මම ඉංග්‍රිසි පංතියකට ගියා.ඒ ටිකක් අපිට ඈතින් නෑදෑ වෙන මිස් කෙනෙක් ලඟට.අපේ ඉස්කෝලේ ලඟමයි.අපේ ගෙදර ඉදන් ඒ පංතියට එන්න පැය 1/2 යනව.ඒ කාලේ අපේ ඉස්කෝලේ ඉවර වෙන්නෙ දවල් 2ට.
ඉතින් පංති පටන් ගන්නෙ 3ට.ආයේ ගෙදර ගිහින් එන්න වෙලා  නැති නිසා මම ඉස්කෝලේ ඇරිලා තව යාලුවෙක් එක්ක පංතියට යනවා.ඒ වෙද්දි මිසුත් පංතියට ඇවිත් ඒත් මිස් වෙනම කාමරෙක ඉදලා පංතිය පටන් ගන්න ටිකකට කලින් තමයි එන්නෙ.

අපේ පංතියේ රනුක කියලා ලමයෙක් උන්නා.අපේ වයසෙමයි.එයා මිශ්‍ර පාසලක.ඉතින් ඒ ලමයාගෙ ගෙවල් තියෙන්නේ පංතිය ගාවමයි.මගේ ගෙවල් පංතිය හරියෙම තිබුන නම් මම යන්නේ පංති පටන් ගන්න ටිකකට කලින්.ඒත් රනුක, මායි මගේ යාලුවයි පංතියට ගිහින් ටිකකින්ම එයත් එනවා.අපිට වැඩක් නෑනේ ඉතින් එයා කීයට ආවත්.
මායි මගේ යාලුවයි පංතියේ අනිත් අපේ යාළුවො එනකන් කියො කියො ඉන්නවා.
ඒ පංතියේ බන්කු දකුනු පැත්තේ ඉස්සරහ ඉදන් පිටි පස්සට වෙනකන් දාලා තියෙනවා.තව වම් පැත්තේ හරහට බන්කුවක් දාලා තියෙනවා.

ඒ බංකුවේ ඉදගන්න කෙනෙක්ට දකුනු පැත්තේ බංකුවල ඉන්න හැමෝවම පේනවා.ඉතින් රනුක ඉදගන්නේ ඒ බංකුවේ.අපි ඉන්නෙ දකුණු පැත්තේ බංකුවේ.ටික දවසක් යද්දි රනුක වේලාස්සන ඇවිත් ඒ බංකුවේ ඉදගෙන මන් දිහා කන්න වගේ බලනවා. ඒ කාලෙදි ඉතින්කොල්ලො එක්ක අපි රණ්ඩු කරන කාලේ.මාත් ඔරවලා අහක බලනවා. ඔහොම ටික දවසක් ගියා.
අපේ ඉස්කෝලේ මගේ පංතියෙ ලමයෙක් උන්නා සුභාෂිනි කියලා.මන් ඉස්කෝලේ ගිය දවසක සුභා මන් ලගට ඇවිත්..
සුභා -නිෂ් ඔයා රනුකව දන්නවද?
මම - කවුද?
සුභා - %^*  මිස්ගේ ඉංගිලිෂ් ක්ලාස් එන්නේ.
මම - ආහ් ඔව්. ඉතින්
සුහා- එයා මගේ හොඳ යාළුවෙක්
මම - ආහ් එහෙමද
සුභා- ඔව් අනේ එයා අපේ දහම් පාසලේ.
මම- එයා ‍බෞද්ධ ද?
සුභා- ඔව්
මම- හ්ම්
සුභා- මේ ඒක නෙමෙයි නිෂ් එයා මගෙන් ඔයා ගැන ඇහුවනෙ
මම- මන් ගැන.ඒ මොනවද?
සුහා- ඔයාව යාළු කරලා දෙන්න කිවුවා.
මම- පිස්සුද අනේ මම කැමති නෑ.
ඔන්න ඔච්චරයි.මම ගියා ගෙදර.අම්මට විස්තරේ කිවුවා ඒ දවස් වල අම්මයි මායි අතරෙ රහස් නෑ.(දැනුත් එහෙම තමයි ඉතින් ඒත් ටිකක් තියෙනවා  :D)
අම්මට කිවුවට කලබල උනේ නෑ.ඒත් පස්සෙ මම පංති යන්න බෑ කිවුවා.ඒ කොල්ල එන නිසා.පස්සේ අපේ අයිය ගිහින් අපේ පංති කරන මිස් හම්බෙන්න කියලා තිබුනා විස්තරේ මන් පංති එන්න බෑ කියනව කියලා.
පස්සේ මිස් රනුකගෙන් අහලා තිබුනා.ආරංචියෙ හැටියට එදායින් පස්සේ රනුකත් පංති ඇවිත් නෑ.පස්සේ තමයි ආරංචි උනේ රනුකලා අපේ තාත්තගෙ පැත්තෙන් නෑදැයො වෙනවත් කියලා.ඊට පස්සේ රනුක මන් දිහා බැලුවෙ නෑ.පාරෙ යද්දිද් හම්බුනාම බිම බලන් යනවා.
අද වෙද්දි රනුක හොඳ ගායකයෙක්.ප්‍රසිද්ධ නාලිකාවක තිබුන ස්ටාර් තරඟයකින් අන්තිම වටවලටත් ඇවිත්.

සීනි බෝල වගේ...

මේකත් මට චුටි කාලෙදි වෙච්ච දෙයක්..අපේ අම්මට අසනීප වෙලා ලු.ඉතින් අම්මට බෙහෙත් අරන් ඇවිත් බෙහෙත් ටික කබඩ් එක උඩින් තියලා.අම්මා ඉතින් කුස්සියෙ වැඩ ලු.මටත් ඉතින් අතපය තියන් ඉන්නත් බෑනේ.මන් කබඩ් එක ලඟට බංකුවක් තියලා ඒක උඩට නැඟලා කබඩ් එක උඩ තිබ්බ අම්මගෙ බෙහෙත් පෙති (සීනි බෝල) අරන් කාලා ලු.ටික වෙලාවකින් මගේ ඇගේ පලු දාලලු.අම්ම නම් හොඳටම බයවෙලා.තාත්තටත් කෝල් කරලා ගෙදර ගෙන්න ගෙන මාව බෙහෙත් ගන්න ගිහින්.කොහොම හරි ටික දවසකින් හරි ගියා ලු.
ඒත් ඉතින් තවටත් මතක් කරනවා ඒක.ඒ නිසාමද මන්දා අදටත් බෙහෙත් බොද්දි කිසි අමාරුවක් නැතිව බෙහෙත් බොන්න පුළුවන්.
ඔන්න ඔහොමයි මන් බෙහෙත් පෙති සීනි බෝල කෑවේ.

Thursday, May 17, 2012

අපේ පුංචි කුමාරයා...

මේ තමයි අපේ පවුලේ පුංචිම සාමාජිකයා..හැමොගෙම ආදරේ හුරතලේ මැද හැදෙන මගේ අයියගේ කොලු පැටියා.අපේ තාත්ත නම් කියන්නේ අපේ පවුලට වාසනාව ගෙනාවෙ මෙයා කියලා.
ඕං ඉතින් මෙයා හම්බෙන්න අක්කට දින දීලා තිබුනෙ  අප්‍රියෙල් 1දා.කොහොම හරි අක්කව හොස්පිට්ල් එකට ගෙනිච්චෙ මාර්තු 31.ඒත් අක්කට කිසිම අමාරුවක් නැති නිසා අක්කට සිසේරියන් කරන්න ඕනෙ කියලා ඩොක්ටර්ස් ලා කියලා එදාම ඇතුලට අරන් තිබුනා.කොහොම හරි මායි අපේ මම්මායි (අම්මගේ අම්මා) හොස්පිට්ල් එක ලඟ එලියට වෙලා උන්නා.අක්කගේ නංගි අක්ක ලඟ උන්නා.
අක්කගේ නංගිගෙන් call එකක් එනකන් මට ඉවසුමක් නෑ ඉතින්. පස්සෙ ටික වෙලාවකින් call එක ආවා අක්කට පුතෙක් ලැබුනා කියලා.ඒත් ඉතින් ඒ වෙලේ ඇතුලට යන්න බෑනේ.තවත් ටික වෙලාවක් ඉන්න උනා ඇතුලට යන්න දෙනකන්.අයියත් ආවා.
දැන් ඇතුලට යන්න වෙලාව හරි.ඔන්න දැන් වාට්ටුව ලඟටත් ගියා.මදැයි ඇතුලට යන්න දෙන්නෙ දෙන්නටලු.ඉතින් අයියා ගියා.තව එක්කෙනාටයි.මම්මත් ගියා.අනේ මට යන්න දුන්නෙ නෑ දැන් මට ඇඩෙන්න වගේ.කොහොම හරි සිකියුරිටි දෙන්නට කියලා කියලා විනාඩි 5කට බලන්න ඉල්ලුවා.අනේ ඒ දෙන්නා ඉදල ඉදලා අන්තිමෙදි මගේ කන් කරච්චලේ නිසාද මන්දා යන්න කිවුවා.මාත් කිවුවා විතරයි දුවගෙන ගියා.

Add caption
මං යද්දි මී පැටියෙක් වගේ ඉන්නවා අපේ පැටියා.මාත් ඕන් බයෙන් බයෙන් අතට ගත්තා.ඒ වෙලාවෙනම් මගේ ඇස් වලට කඳුලුත් ආවා සතුටට.
පස්සෙ ඉතින් දවස් දෙකකට පස්සෙ එයාව ගෙදර ගෙනාවා.ඊට පස්සෙ ඉදලනම් එයාගෙ නැන්දට හරියට වැඩ.එයා ලඟමයි..
ඉතින් එයාට අපි නම තිබ්බා සෙනුර කියලා.දැන් නම් එයා ලොකුයි.

මං නැති වෙලා....

ඔන්න මේ සිද්ධිය වෙද්දි මට  අවුරුදු 3 1/2 ක් විතර ඇති..මන් ඉපදුනේ බහරේන් කියන රටේ අපි උන්නු ගේ තිබුනේ පාර අයිනෙමයි.අපේ තාත්තා ඉතින් උදේට වැඩට යනවා හවසට ගෙදර එනවා.මායි අම්මයි විතරයි ගෙදර ඉන්නෙ.ඉතින් ඔය සිද්ධිය වෙන දවසෙත් තාත්ත වැඩට ගිහින්.ඉතින් අම්මත් එක්ක මන් උන්නට අම්මටත් ගෙදර වැඩනෙ.හැමතිස්සෙම මාව බලන්නත් බෑනේ අනික මන් ගේ ඇතුලෙනෙ.ඉතින් ඔහොම ටික වෙලාවක් ගිහින්..අම්ම මාව බලද්දි මම නෑලු
ඉතින් අම්මා හැමතැනම හොයලා ඉතින් ලංකාවෙ වගේ නෙමෙයි නේ.ගෙවල් මහා ලොකු නෑනෙ.අම්මා හොයල හොයලා බැරිම තැන පාරටත් ගිහින් බලලා.ඒත් නෑලු.පස්සෙ පාරෙන් එහා පැත්තටත් ගිහින්.අම්මා හොදටම බය උනාලු.පාරෙන් එහා පැත්තේ පොඩි සුපර් මාර්කට් එකක්ලු තියෙන්නේ.අපේ අම්මලා නිතරම යන එන නිසා ඒ අන්කල් අදුරනවලු.ඉතින් අපෙ අම්මව දැකලා අන්කල් එතනට අඩ ගහලා.මාව පෙන්නුවලු.
මන් සත 50ක් අතේ තියන් කඩේ බඩු තෝරනවලු..හි හි හි
පස්සේ අම්මට  අසුහාර දහට මල පනින්නත් ඇති මට පාරවල් දෙකකුත් ගහලා ගෙදර එක්කන් ගිහින්.

පස්සෙ ඇහුවලු කොහොමද පාරෙන් මාරු වුනෙ කියලා.ඉතින් මන් කිවුවලු වාහන වලට නවතින්න කියලා අත දික්කරලා පාරෙන් මාරු වුනා කියලා..කොහොමද ටිකිරි මොලේ :D
හැබැයි ඉතින් පස්සෙ තාත්තගෙනුත් ගුටියක් කෑවා වගේ මට යාන්තමයින් මතකයි.....

Wednesday, May 16, 2012

බ්ලොග් කෙරුවාව....

ඔන්න මාත් පටන් ගත්තා බ්ලොග් එකක්..2010 ඉදන් තමයි මන් බ්ලොග් කියවන්න පටන් ගත්තෙ..ඉතින් ගොඩක් ආසාවෙන් උන්නෙ මගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්නත්..ඒත් එහෙමයි කියලා මේ කෙරුවාව නිකන්ම පටන් ගන්නත් බෑනේ..අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැන්දලා මාමලා මට උදව් කරන්න ඕනේ ඕං මගේ මේ වැඩේටත්..මොකද දන්නේ නැති කෙනෙක්ට තමන් දන්න දෙයක් කියලා දුන්නම තමන්ගේ දැනුමත් වැඩි වෙනවලුනේ...:D 

මගේ ජිවිතේ රස මුසු දුක් මුසු තැන් ඔයාලත් එක්කත් බෙදා ගන්න මටත් අවසර....