Thursday, May 17, 2012

මං නැති වෙලා....

ඔන්න මේ සිද්ධිය වෙද්දි මට  අවුරුදු 3 1/2 ක් විතර ඇති..මන් ඉපදුනේ බහරේන් කියන රටේ අපි උන්නු ගේ තිබුනේ පාර අයිනෙමයි.අපේ තාත්තා ඉතින් උදේට වැඩට යනවා හවසට ගෙදර එනවා.මායි අම්මයි විතරයි ගෙදර ඉන්නෙ.ඉතින් ඔය සිද්ධිය වෙන දවසෙත් තාත්ත වැඩට ගිහින්.ඉතින් අම්මත් එක්ක මන් උන්නට අම්මටත් ගෙදර වැඩනෙ.හැමතිස්සෙම මාව බලන්නත් බෑනේ අනික මන් ගේ ඇතුලෙනෙ.ඉතින් ඔහොම ටික වෙලාවක් ගිහින්..අම්ම මාව බලද්දි මම නෑලු
ඉතින් අම්මා හැමතැනම හොයලා ඉතින් ලංකාවෙ වගේ නෙමෙයි නේ.ගෙවල් මහා ලොකු නෑනෙ.අම්මා හොයල හොයලා බැරිම තැන පාරටත් ගිහින් බලලා.ඒත් නෑලු.පස්සෙ පාරෙන් එහා පැත්තටත් ගිහින්.අම්මා හොදටම බය උනාලු.පාරෙන් එහා පැත්තේ පොඩි සුපර් මාර්කට් එකක්ලු තියෙන්නේ.අපේ අම්මලා නිතරම යන එන නිසා ඒ අන්කල් අදුරනවලු.ඉතින් අපෙ අම්මව දැකලා අන්කල් එතනට අඩ ගහලා.මාව පෙන්නුවලු.
මන් සත 50ක් අතේ තියන් කඩේ බඩු තෝරනවලු..හි හි හි
පස්සේ අම්මට  අසුහාර දහට මල පනින්නත් ඇති මට පාරවල් දෙකකුත් ගහලා ගෙදර එක්කන් ගිහින්.

පස්සෙ ඇහුවලු කොහොමද පාරෙන් මාරු වුනෙ කියලා.ඉතින් මන් කිවුවලු වාහන වලට නවතින්න කියලා අත දික්කරලා පාරෙන් මාරු වුනා කියලා..කොහොමද ටිකිරි මොලේ :D
හැබැයි ඉතින් පස්සෙ තාත්තගෙනුත් ගුටියක් කෑවා වගේ මට යාන්තමයින් මතකයි.....

3 comments:

  1. බහරේන්වලත් සත 50 කාසි තියෙනවාද ලංකාවේ වගේ :D

    ReplyDelete
  2. ඒ වගේ කාසි තිබුනා...:)

    ReplyDelete
  3. හත්ඉලව්වයි .......... :ඩී

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ