Saturday, May 19, 2012

ග්‍රිස් යකා...

අපේ පුංචි ඈයෝ කෑම කන්න ටිකක් හොරයිනෙ.ඉතින් අම්මලා එක එක ජාති පෙන්නලා, කථා කියලා තමයි බබාලට කෑම කවන්නේ..
ඉස්සර අපේ අම්මා අපිට කෑම කවලා තියෙන්නෙ කෑම කෑවෙ නැත්තම් ගෝනි බිල්ලා අල්ලන් යයි කියලා.දැන් බබාලා ගෝනි බිල්ලන්ට බය නෑනේ.ඉතින් මේකත් ඔය වගේ සිද්ධියක් තමයි.
අපේ සෙනුර (අයියගෙ පුතා) ඉන්නවනේ.එයත් ටිකක් කෑම කන්න හොරයි.ටිකක් කිවුවට කන්නෙම නැති තරම්.අපේ මම්ම තමයි එයාව බලා කියාගන්නේ.සෑහෙන්න දේවල් කියලා තමයි බත් කටවල් දෙක තුනක් වත් කවාගන්නේ.ඒකටත් වරුවක් විතර යනවා.
ඉතින් ඔය පහුගිය දවස් ටිකේ ග්‍රිස් යක්කු ගැන සෑහෙන්න කට කතා තිබුන කාලයක්නේ.දවසක් පුතාට රෑට කෑම කවන්න පටන් ගත්තලු.කොල්ලා කන්නෙම නෑලු.මම්මත් එක එක ජාති කිය කිය කෑම කවන්න ට්‍රයි එකලු.ඔන්න ඒ වෙලාවෙම සතෙක් කෑ ගහන සද්දයක් ආවලු.
කොල්ලා මම්මගෙන් ඇහුවලු, ඒ මොකෙද්ද මම්මෙ කියලා.මම්මා ගත් කටටම කිවුවලු, ඒ තමයි පුතේ ග්‍රිස් යකා ඔය කෑ ගහන්නෙ බඩගිනි වෙලා.ඔයා කෑවෙ නැත්තම් ඔයාවත් අල්ලන් යයි කියලා.කොල්ල බය උන පාරට සේරම කෑම කෑවලු.

කොහොමින් කොහොම හරි ග්‍රිස් යකාට පින් සිද්ධ වෙන්න දැන් නම් කොල්ල කෑම ටිකක් කනවලු.

ප/ලි - ඔයාලගේ බබාලත් කෑම කන්නෙ නැත්තම් මේ ක්‍රමය අද්හදා බලන්නකෝ :)


4 comments:

  1. වෙරි සොරි තමා. ඒකට නම් තව කාලයක් යයි :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ කාලේ වෙද්දි අළුත් යකෙක් එයි...:D :D

      Delete
  2. ඒත් දැන් කාලේ පොඩි එවුන්ට කිව්වාම ග්‍රිස් යකා ගැන උන්ට බය වෙන්නේ නැහැ. උන්ට් ඕනේ ග්‍රීස් යකාව බලන්න :D

    ReplyDelete
  3. හි හි ඒකත් ඇත්ත තමයි

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ