Sunday, July 29, 2012

දැනෙනවා මං ජිවත් වෙනවා කියලා.....


දෑගිලි පටලගෙන
ඔයාගෙ උණුසුමට තුරුලු වෙලා
ඔයා කියන කථා අහන් ඉද්දි 
දැනෙනවා මං ජිවත් වෙනවා කියලා..
ආදරෙයි...මං..
මෙච්චරක්..මෙච්චරක්...
නෑ මෙච්චරක්...කියලා 
කොහොමද මං කියන්නෙ
දවසක ඔයාට මාව දාලා 
යන්න හිතුනොත්...........???
(..න්නැ නැ මං එහෙම හිතන්නවත් 
   කැමති නෑ...)
අපි කාලෙත් එක්ක
වයසට යනවා...
දන්නවද ඔයා.....??
මං මැරෙනකන්ම
ඔයාගෙ කටින්
අහන්න ආස..දේ
"ආදරෙයි මගේ මැණික පණටත් 
වඩා.."
කියලා.....♥ ♥




Wednesday, July 25, 2012

අයියෝ .... ලවු ලෙටර්... :D




මේ සිද්ධිය උනේ නිෂ් නවයෙ පංතියෙ ඉද්දි..හැමදාම වගේ එදත් අපි ගියා උදේ රැස්විම තියෙන තැනට..ඉතින් පැය භාගයක් විතර ගියා යාච්ඤා එහෙම කරලා සිස්ටර් ප්‍රින්සිපල්ගෙ දැන්විම් ටිකත් කියලා ඉවර වෙද්දි...සේරම ඉවර උනාටත් පස්සෙ සිස්ටර් කිවුවා නවය වසරින් ඉහල අය මෙහෙමම ඉඳලා අනිත් අය පංති වලට යන්න කියලා..දැන් එතන ඉන්නෙ අපිත් එක්කලා 10,11,12,13 පංති වල ඉගෙන ගන්න අක්කලයි...එතන ඉන්න අයගෙන් අපි පොඩි උනාට යමක් කමක් තේරෙන උදවිය ඕන්....දැන් එක එක්කෙනා   කණ්ඩායම් ගැහිලා සාකච්ඡාව...සිස්ටර් ප්‍රින්සිපල් ස්ටාෆ් එකත් එක්ක සාකාච්ඡාව අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා වැලන්ටයින් ඩේ එකටත් තව කල් තියෙනවා...(ඇයි වැලන්ටයින් ඩේ එකට අපේ සේරමන්ගෙම බෑග්ස් චෙක් කරන්න යද්දිත් ඔක්කොම ලමයින්ව එලියෙ තියා ගන්නවනේ...) ඔන්න දැන් මිස්ලත් බෙදිලා පංති වලට යනවා...දැන් නම් ලමයින්ට තේරුනා මිස්ලා බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා...ඒත් එක පාරටම...අපිත් ඔහේ බලන් උන්නා....
සමහර උදවිය ඉන්නවනෙ මිස්ලගෙ හිත් දිනා ගන්න ලමයිනගෙ ආදර සම්බන්දතා අල්ලලා දෙන අය...හැබැයි ඒ වෙද්දිත් එහෙම ආදර සම්බන්දතා හොරෙන් අරන් ගිය ලමයි ගොඩ දෙනෙක්ව සිස්ටර්ට ආරංචි වෙලා අපේ ස්කොලෙනුත් අස් කරා...
ඉතින් දැන් මිස්ලා පංති වලට ගියා..මෙන්න  ඒත් එක්කම අපිත් එක්කම හිටිය නවය වසරෙ ලමයි සෙට් එකක් දුවන්න ගත්තා...එයාලා නවය C එකේ අපේ පංතියට එහා එකේ...ඒත් එක්කම අපිත් දුවන් ගියා..අපේ පංතියට එහා එකෙ උනාට අපේ පංතියෙ සෙට් එකක් මේ දුවපු ලමයි සෙට් එකත් එකත් එක්ක තරහයි..මට මතක විදියට ඒකත් කොල්ලෝ සීන් එකක්..ඔන්න අපිත් දුවන් ගියා කස්ටියට පස්සෙන්...මිස්ලා පංති වලට යන්න කලින් අර කලින් දුවපු සෙට් එකයි අපෙ පංතියෙ සෙට් එකයි දුවන් ගියා...ඒත් එක්කම මෙන්න බොලේ අර දුවන් ගියපු එක ලමයෙක් කොලයක් බෑග් එකෙන් අරන් කටේ දාලා හපනවා...
හපොයි.....එහෙමත් කෑමක් හරියට නිකන් චුයින්ගමක් හපනවා වගේ...ඔන්න මිස්ලත් ආවා....
ළමයි මෙතන මොකක්ද වෙන්නෙ..මිස් කෙනෙක් ඇහුවා...
කවුරුත් උත්තර නෑ...අපි සිද්ධිය දැක්කා උනත් කොහොමද අප්පා කටක් ඇරලා කියන්නෙ....
මිස් මෙයා ලියුමක් අරන් කටේ දාගෙන හැපුවා...අර අපේ පංතියෙ ඉන්න ලියුම හපපු ලමයගේ තරහ කාරයෙක් කිවුවා...(ලමයෙක් ඉස්කෝලෙන් අස් කරන්න පැහැදිලි සාධාරණ හේතුවක් තියෙන්න ඕනෙ..ඒ වගේම සාක්ෂි...)
දැන් මිස් අර ලමයගෙන් ලියුම ඉල්ලනවා..ඒ ලමයා තවත් ඒක හපනවා...හපලා හපලා එලියට ගත්තා...
හික් හික් දැන් ඉතින් මොන සාක්ෂිද....ලියුමේ අකුරුත් හොයා ගන්න නෑ.....

හැබැයි ඔය සිද්ධියට පස්සෙ මිස්ලා ප්‍රිෆෙක්ට් අක්කලා එහෙම අර ලමයි සෙට් එක පස්සෙන්ම හිටියා ඒත් කිසිම හෝඩුවාවක් එයාලට හොයා ගන්න බැරි උනා...(කොහොමද ලමයින්ගෙ මොලේ...)

කියන්න ඕනා එක දෙයක් ලමයින්ගේ වැරදි ඒ කියන්නෙ ඔය වගේ ආදර සම්බන්ධතා ගැන හොය හොය ලමයි ස්කෝලෙන් අස් කරන්න උත්සහ කරපු මිස්ලා  අතරෙ අනේ අපරාදෙ කියන්න බෑ..ලමයින්ට උදව් කරපු මිස්ලත් උන්නා...බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා දැන ගත්තම අපේ පංතියෙ ලමයි බෑග්ස් වල ලියුම් , ෆෝන්ස් එහෙම තියෙනවා නම් අපේ පංතියට එක් විශයක් උගන්නපු මිස් කෙනෙක් උන්නා..ඒ මිස්ට තමයි කියන්නේ...ඉතින් වෙන මිස් කෙනෙක් පංතියට යන්න කලින් මිස්ම ගිහින් ඒ ලියුම හරි ෆෝන එක හරි අරන් මිස් මිස්ගෙ බෑග් එකට දා ගන්නවා....ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ අයිතිකාරයා ගිහින් ඒ මිස්ගෙන් ඉල්ල ගන්නවා.....
විශේෂයෙන් කියන්න ඕනේ ලමයින්ට ම්ස්ලා එහෙම උදව් කරෙ අපි දහතුන වසරට ආවාට පස්සේ......එතකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙන්න ලඟයිනෙ..ඒ නිසා වෙන්න ඇති.....

Friday, July 20, 2012

ඇගේ කාලකන්ණි ආදරේ....



නුඹ යක්ෂයා..
ඇගෙ ශරිරයට බලෙන්ම ඇවිත්
ඇගේ ශරිරයෙ අරක් ගත්...
ඇයව මෙහෙයවන...
ඇයට ලෝකය පමණක් නොව...
ඇයට ඇයවම එපා කරවන ...
ඇගේ ආත්මයම විනාශ කරන....
...............................

ඉතින් ඔය මදැයි....
දැන්වත් ඇයට පාඩුවෙ ඉන්න දී...
පිං සිද්ධවෙයි....,
ඇය අතහැරපන් සදහටම...

Thursday, July 12, 2012

සල්ලි කොල......:D

මේ සිද්ධිය උනේ මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා...ඉතින් ඒ වෙනකොට අපේ පවුලේ ගොඩක් දෙනෙක් පිටරට රැකියාවන් සඳහා ඉතාලියට ඇවිත් තිබුනේ...පුංචිලා මාමාලා ඔක්කොම රට නිසා එයාලගේ ගෙවල් හදන රාජකාරි, වාරික ගෙවන රාජකාරි ඔක්කොම පැවරිලා තිබුනේ අපේ මම්මටයි පප්පටයි...මම්මා උන්නෙ අපේ ගෙදර උනාට පප්පා කෑමට බිමට අපේ ගෙදර ආවාට වැඩි හරියක් උන්නෙ අල්ලපු ගෙදර ඒ කියන්නෙ අපේ මාමාලගේ ගෙදර...ඒකට හේතුව උනේ පප්පා කවදත් කැමති නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න...මොන ප්‍රශ්නයක් ගැනවත් එයා ඕනාවට වඩා හිතුවෙ නෑ...අපිත් ඒ කාලේ පොඩි නිසා අපි කෑ කෝ ගහද්දි එයාට නිදහසක් නැති නිසා තමයි එයා කෑම කන්න විතරක් අපේ ගෙදරට ඇවිත් මාමාලගේ ගෙදර ගිහින් ඉන්නෙ..රේඩියෝ එක දාගෙන එහෙමත් නැත්නම් ටී වි බල බල ඒ නැත්නම් වත්තෙ පිටියෙ වැඩක් කරගෙන එයා සැහැල්ලුවෙන් උන්නා...

ඔය අතරේ අපේ පුංචිගේ ගේ හදන්න පටන් අරන් තිබුනා..ගේ හදන්න සල්ලි පුංචි එවුවෙ අපේ මම්මට..එයා තමයි බාස් ලගේ වියදම් බඩු මූට්ටු ගන්න යන වියදම් හරියට බලලා කරන්නේ...ඉතින් එක පාරක් පුංචි සෑහෙන්න ලොකු ගානක් එවලා තිබුනා...මට හරියට ගාන නම් මතකයක් නෑ..හැබැයි ලොකු ගානක්...ඉතින් සල්ලි අපේ ගෙදර තියා ගන්න මම්මා බය උනා...පස්සේ පප්පා කැමැත්තෙන්ම සල්ලි ටික අරන් ගිහින් හංගලා තිබුනා...

ඔන්න දවසක් අර සල්ලි වල අවශ්‍යතාවය ආවා...දැන් පප්පා ගේ පෙරලගෙන සල්ලි හොයනවා..අපිත් හොයනවා..ඒ අතරෙ මම්මගේ ඇඩිල්ල අහන් ඉද්දි ඔක්කොම එපා වෙනවා...පප්පට බැන බැන නෙ අඩන්නෙ...
අනේ ඉතින් කොහෙවත් නෑ..දැන් මොකද කරන්නෙ...අයියෝ...
ඔන්න පප්පට හදිසියේම දෙයක් මතක් උනා...පප්පා ඇතුල් කාමරේට ගියා අපිත් ඒත් එක්කම ඇතුලට ගියා..කාමරේ ඇතුලේ තියෙනවා මාමාලා රටින් ගෙනාපු අවන් එකක් කවුරුත් නැති නිසා ඒක පාවිච්චි කරන්නෙ නෑ.. ඉතින් පප්පා ඕක පියන ඇරියා...


හපොයි දෙවියනේ...........................

මීයෝ සල්ලි භාගයක් විතර කාලා ඒ මදිවට ඒ උඩ පැටවු දාලා මෙන්න මේ වගේ චුටි පැටවු.....සල්ලි කොල චුටි කෑලි තමයි ඉතිරි වෙලා තිබුනේ....
                                                   
                                                   -
                                                   -
                                                   -
                                                   -
                                                   -







ඔන්න ඊට පස්සෙ ඒ සල්ලි බැංකුවට දිලා මාරු කරගත්තා...ඒ නිසා අවුලක් උනේ නෑ...හැබැයි ආයේ නම් මම්මා පප්පට සල්ලි භාර දුන්නෙත් නෑ...පප්පා සල්ලි භාර ගත්තෙත් නෑ....:D :D




Saturday, July 7, 2012

යළිදු පැමිනෙන්න....හඬන හිත සනසන්න......




ඉකි ගසා හඬන මේ හිතට

පැමිනෙන්න සැනසුමක් රැගෙන

තවම මඟ බලා හිදි

දැක ගන්න ඔබේ රුව...

තාම තියෙනවා කඳුලැල්
හෙලන්නට නුඹ නමින්
සාගරයක් තරමට අඞන්නම්
අනේ නුඹ ලැබේ නම්....

මට මාව අහිමි කර

යන්නම ගියා නුඹත්

ශාප දෙන්නෑ සත්තයි

සැනසෙන්න නුඹ තුටින්......










ප/ලි -
බලන බලන හැම තැනම තියෙන්නේ ආදරෙත් එක්ක විරහව..ඒ නිසා නිෂ්ටත් එහෙම නිසදැසක් ලියන්න හිතුනා...ඒ වගේම කියන්න ඕනෙ මේ වෙනකොට නිෂ්ගෙ ජිවිතයට මේ දේ සම්බන්ධ නෑ කියලත්..
(නිෂ් එහෙම කිවුවේ නිෂ්ගේ කුමාරයා කැමති නෑ නිෂ් දුක හිතෙන නිසදැස් ලියනවට. මොකද නිෂ්ගේ කුමාරය කැමති නෑලු නිෂ් දුකින් ඉන්නවා කියලා කවුරුත් හිතනවට... ;) .....)